ශ්‍රී ලංකාවෙ තේ වලට ජාත්‍යන්තරයේ ඇති ඉල්ලුමට විශාල බලපැමක් සිදුකරන තවත් කසළ තේ ජාවාරමක් පොලිස් විශේෂ කාර්ය බලකායෙ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. ඒ් අනුව මහනුවර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.එම්.පී.ජී.එස්. රත්තෙපිටිය මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක පී.ජී. ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) ඇත්ගාල පොලිස් වසමේ නාවලපිටිය පාර, රේන්දපොළ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පැය 2330 ට කසල තේ කිලෝ 8,807 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 43 ක මැණික්බෝව, හොඩියාදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇත්ගාල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ශ්‍රී ලංකාවෙ තේ කර්මාන්තය ලෝක වෙලද පොලේ ඇති ඉල්ලුම අඩුකිරිමට මෙම කසල තේ ජාවාරම පුබල ලෙස ඉවහල් වන අතර අවස්තා ගනනාවක දී මෙම කසල තේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායට හැකි විය.
සුපෝකභෝගි රථයෙන් හෙරොයින් ප්‍රවාහනය කල පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරින්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි වෑවිටවිධාන මහතාගේ මග පෙන්විම මත කල්මුණ කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.එම්.පී.පී.එම්. ඩයස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) සමන්තුර පොලිස් වසමේ අම්පාර කල්මුණ ප්‍රධාන මාර්ගයේ මල්වත්ත පුල්ලයාර් කෝවිල අසල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 06, මි.ග්‍රෑ. 840 ක් හා මුදලින් රුපියල් 80,000 ක් සන්තකයේ තබාගෙන කාර් රථයකින් ගමන් කරමින් සිටි කාර්මික පෙදෙස, අම්පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 පුද්ගලයෙකු හා ඒ සදහා ආධාර අනුබල දුන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35 හා 38 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සමන්තුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ටී කටස් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
සහකාර පොලිස් අධිකාරි ගජවීර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය කතරගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩබ්.ජී.යූ. පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) තිස්සමහාරාම පොලිස් වසමේ දිවුල්පල්ලම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර මෙරට නිශ්පාදිත T 56 උණ්ඩ යෙදිය හැකි ටී කටස් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි දිව්ල්පල්ලම, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිස්සමහාරාම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.