22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයට සියවසරක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල්...

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයට සියවසරක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයට සියවසරක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම (06) පෙරවරුවේ කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේදී ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙයට සමගාමීව මළල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජය ගත් ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මියගේ රුව සහිත පුද්ගල කාරක මුද්දරයක්ද නිකුත් කල අතර එය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත පිළිගන්වන ලදි.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර , ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක , ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට , ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂද සිල්වා , තැපැල්පති රංජිත් ආරියරත්න , ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ආයතනයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු , සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති හා ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ආයතනයේ උප සභාපති අජිත් නාරගල , ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ආයතනයේ ලේකම් හේමා පින්නවල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments