25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වත්මන් ආර්ථික අභියෝගය ජයගන්නේ කෙසේද යන්න කතිකාවක් ගොඩනඟමින් ඊට විසඳුම් සෙවීම විද්වත්...

වත්මන් ආර්ථික අභියෝගය ජයගන්නේ කෙසේද යන්න කතිකාවක් ගොඩනඟමින් ඊට විසඳුම් සෙවීම විද්වත් වෘත්තීකයින් ලෙස තිබෙන වගකීම නොපිරිහෙලා ඉටුකිරීමට අපි සූදානම් -සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයේ සභාපති සරත් ගමගේ මහතා

ඒ් මහතා මේ බව සඳහන් කළේ ඉකුත්(07) විද්වත් වෘත්තීකයින්ගේ සංගම් ශ්‍රවණාගාරයේ ඉකුත් (07) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්ය. එම ආයතනයේ සංවත්සර උත්සව සංවිධාන කමිටු සභාපති හා සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයේ නියෝජ්‍ය සභාපති ජයන්ත ගාල්ලහේවා යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍යය හමුවේදී අනාවරණය කෙරිණි.

ඒ් අනුව සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයේ 50 වැනි සංවත්සර උලෙළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන (24) ෂැන්ග්‍රි-ලා මහ හෝටලයේ දී පැවැත්වේ.

මේ දක්වා සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ක්ෂෙත්‍රයේ විද්වත් වෘත්තිකයින් 10,000කට වඩා බිහිකොට ඇති, පාර්ලිමේන්තුවේ පනතකින් 1972 දී ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකාවේ සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයට ඔක්තෝම්බර් 24 දිනට පනස් වසරක් සපිරේ. ඒ නිමිත්තෙන් එදින දවස පුරා ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණ හා සාකච්ඡා මාලාවක් සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය කොළඹ ෂැන්ග්‍රි-ලා මහ හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.
ඔක්තෝම්බර් 24දා පෙ.ව 7.45 ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ සම්භාවනීය විශේෂ ආරාධිත අමුත්තා වන සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ජාත්‍යන්තර සම්මේලනයේ සභාපති මරීනා ලින්ඩික් මහත්මිය ගේ සහභාගිත්වයෙන් ආරම්භ වීමට නියමිතය. 400කට අධික විද්වත් වෘත්තිකයින් රැසකගේ සහභාගිත්වය ඇතිව කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී ආරම්භ වන මෙම විශේෂ 50 වැනි ස්වර්ණජයන්ති සංවත්සර සැමරුම් උත්සවය මෙදින දවස පුරාම විවිධ පැතිකඩ ඔස්සේ සැපයුම් දාම කළමනාකරණ ක්ශෙත්‍ර යේ ඉහළම විද්වත් කතිකාවක් ලෙසින් පැවැත්වේ. මෙදින පෙරවරුවේ පැවැත්වෙන උත්සව සභාවේ මුක්‍ය දේශනය පවත්වනු ලබන්නේ, කේ.එම්.මහින්ද සිරිවර්ධන මහතා, ආරථික ස්ථායිකරණය හා ජාතික ප්‍රතිපත්ති පිලිබඳ ලේකම්, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යංශය.

පෙරවරුවේ පවත්වන තාක්ෂණය සැසියට කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුළපති, මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න, මහාචාර්ය අජන්ත .එස්. ධර්මසිරි , මහාචාර්ය දේවක. කේ. වීරකෝන්, ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඒ.ඒ ඩී.ඒ.ජේ පෙරේරා වැනි විෂය ප්‍රාමානිකයින් ද සමග ආචාර්ය ටී.රූපසිංහ මිය, ආචාර්ය ඩබ්.එම්.ඩබ්.වීරකෝන්, සෂී කන්ඩම්බි මහත්මිය, ටානියා පොලොන්නෝවිට මහත්මිය, සුරංග හේරත් මහතා, දුලිත් හේරත් මහතා, මේජර් ජනරාල් මිලින්ද පීරිස් සහ මේජර් රංජිත් ගුණතිලක යන සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ විද්වත් වෘත්තිකයින් ද මීට සහභාගිවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments