සංවිධානාත්මක අපාරාධ සහ මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමි කරුවෙකු වන කිඹුලාඇලේ ගුනාගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 හි නිලධාරින්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මග පෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 11 හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) ග්‍රැන්ඩ්පාස් පොලිස් වසමේ A.4.1 පින්තු නිවස, සේදවත්ත, වැල්ලම්පිටිය ලිපිනයේ දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රැන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙහිදි මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 වන පුද්ගලයෙකු අයිස් ග්‍රෑම් 26 මිලි ග්‍රෑම් 100 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සොයාබැලීමේදි මේ වන විට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කිඹුලා ඇලේ ගුණා නැමැති පුද්ගලයාගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදා හරින කණ්ඩායමේ සාමාජිකයකු බවට කරුණු අනාවරණය කරගෙන ඇත. මෙම පුද්ගලයා සමගම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලි ග්‍රෑම් 150 සන්තකයේ තබාගෙන සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයකු සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිම සඳහා අනුබල දීම සම්බන්ධයෙන් මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් අයිස් විෂ මත්ද්‍රව්‍ය වල වටිනාකම රැපියල් ලක්ෂ අටකි පමන වෙි.