25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ග්‍රාම නිලධාරී වසම් 12000 තුල ඇති සියලු රජයේ ආයාතන, වතු සමාගම් සතු...

ග්‍රාම නිලධාරී වසම් 12000 තුල ඇති සියලු රජයේ ආයාතන, වතු සමාගම් සතු වගා නොකල ඉඩම් පිළිබඳ වහා තොරතුරු එක් රැස් කරන්න- අගමැතිගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස්

රට පුරා ග්‍රාම නිලධාරී වසම් 12000 ක් තියෙනවා.මේ තුල රජයේ ආයතන,සංස්ථා ,මණ්ඩල සතු වගේම වතු සමාගම් සතු වගා නොකල ඉඩම් විශාල ප්‍රමානයක් පවතිනවා.රටක් විදියට අප මුහුණ දී තියෙන ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා වගා කල හැකි සියලු ඉඩම් වගා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න ජනාධිපතිතුමා පහුගිය දා උපදෙස් දුන්නා.ඒ අනුව ලංකාව පුරා සියලු ග්‍රාම නිලධාරී වසම් තුල ඇති වගා කල හැකි වගා නොකරණ ඉඩම් සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරු ඒකරාශී කල යුතුයි.මේ වගකීම සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරෙනව.අදාල නිලධාරීන් ග්‍රාම නිලධාරීන් හරහා මේ සියලු තොරතුරු කඩිනමින් එකතු කරලා ලැබෙන්න සැලැස් විය යුතුයි.අපේ අරමුණ මේ ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් ලබා දීම වෙනුවෙන් මේ ඉඩම් වගා කල හැකි තරුණ පරම්පරාවට වසර 2 පමන කාලයකට ලබා දීමට .එතුලින් මතුව ඇති ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් සේවීමට” යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කලේ සීතාවක ප්‍රාදේශීය සභාව මගින් කොස්ගම ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන්නාවූ ශිල්ප යොවුන් යාත්‍රා පරිගණක සම්පත් මධ්‍යස්තානය විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමිනි.1956 වසරේදී එවක අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරණායක මහතා හා පිලිප් ගුණවර්ධන මහතා විසින් විවෘත කරණ ලද ගම්සභා ගොඩනැගිල්ල නවීකරණය කරමින් සීතාවක ප්‍රාදේශීය සභාව මෙම පරිගණක සම්පත් මධ්‍යස්ථානය නිර්මාණය කර තිබේ.

තව දුරටත් මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “මේ වන විට රට තුල පවතින ආහාර ද්‍රව්‍ය මිළ ඉහළයාම පාලනය කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජණනීය කමිටු වැඩ සටහන ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර අප අරගෙන තියෙනවා.මේ වැඩසටහනේ ආරම්භය ජනාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් ගල්ඔය ප්‍රාදේශයේදී ක්‍රියාත්මක කෙරෙනවා.මෙයින් අපි රජයක් විදියට අපේක්ෂා කරන්නේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම විදිමත් හා වේගවත් කිරීම.මේ අරමුණු සාර්ථක කරගැන්මේ වගකීම තියෙන්නෙ ගම නියෝජනය කරන රජයේ නිලධාරීන් 5 දෙනා සතුව.මේ සියලු කටයුතු වලදී රජයේ නිලධාරීන් ලෙස ඔබගේ කැපවීම අතිශය වැදගත් වෙනවා.

ඒ වගේම ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීමේදි පළාත් පාලන ආයතන වලට තියෙන හැකියාවත් බොහොම විශාලයි.ජනතාවට ලඟින්ම තිබෙන ආයතනය වගේම ජනතාවට සමීප මහජන නියෝජිතයින් විදියට ඔබ සැම ජනතාවගේ හඬ තේරුම් ගෙන කටයුතු කරන්න උවමනයි .මේ ආයතන ශක්තිමත් කිරීම සඳහා රජයක් විදියට ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නව.අද සීතාවක ප්‍රාදේශීය සභාව ප්‍රදේශයේ තරුණ දරු දැරියන්ගේ පරිගණක අධ්‍යාපනය නන්වාලීමට ගන්න මේ පියවර ප්‍රශංසනීයයි.අපි දන්නවා මූලික පරිගණක අධ්‍යාපනය නැති විශාල තරුණ පිරිසක් තවම අප රටේ ඉන්නවා.නමුත් ඉන්දියාව වගේ රටක් ගත්තොතින් ඒ රටේ තරුණ පිරිස් විශාල වශයෙන් තොරතුරු තාක්ෂණය සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ඒ අය ඒ හරහා ලෝකය සමග එක්වෙලා විශාල ආදයම් ලබන්නන් බවට පත්වෙලා තියෙනවා.මම විශ්වාස කරනවා අපිත් ඒ තත්ත්වයට ලඟා විය යුතුයි කියලා.ඒ සඳහා තොරතුරු තාක්ෂණය වගේම ඉංග්‍රීසි භාෂා දැනුමත් අපේ දරුවන්ට දිය යුතුයි.අද සීතාවක ප්‍රාදේශීය සභාව මේ තබන පියවර ඒ සඳහා වූ විශාල සහයෝගයක් විදියටයි මම දකින්නේ.ප්‍රදේශයේ දූ දරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය නන්වාලීමට අවශ්‍ය වන්නාවූ සම්පත් තවදුරටත් ලබා දීමට මම අපේක්ෂා කරනවා.මේ ක්ෂේත්‍රයේ සංවර්ධනය තුලින් රටට විශාල විදෙස් විනිමය ප්‍රමානයක් උපයා ගැනීමේ හැකියාව උදාවනවාට අමතරව රැකියා දීම සම්බන්ධයෙන් රජයට වන පීඩනය අවම කර ගැනීමටත් හැකි වෙනවා.

මේ කටයුත්තේදී ජාතික තරුණ සේවා සභාව සහ ජාතික ආධුනිකත්ව මණ්ඩලය ලබා දෙන්නාවූ සහයෝගය අග්‍රාමාත්‍යවරයා ලෙස මම අගය කරනවා.යැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments