21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා වැලිජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා වැලිජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී (27) මහඔය කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ ටැම්පිටිය ප්‍රදේශයේ බලපත්‍ර නැති ස්ථානයකින් වැලි කැණීම් කර පටවමින් සිටි අයකු ට්‍රැක්ටර් රථයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. මුලතිව් කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ කල්ලපාඩු වෙරළ තීරයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. එම කඳවුරේම තවත් නිලධාරි පිරිසක් මුල්ලියාවේලි පොලිස් වසමේ මුරිප්පු ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පස්සර කඳවුරේ නිලධාරී පිරිසක් බදුල්ල පොලිස් වසමේ සෙල්වකන්ද ඉස්කෝලේ ලැයිමවත්ත ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් සහ නීති විරෝධි මත්පැන් පෙරීමට භාවිතා කරනු ලබන උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වව්නතිව් කඳවුරේ නිලධාරි පිරිසක් කරදියනාරු පොලිස් වසමේ කිතුල, වඩිවෙල් ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ඇළ තුලට ට්‍රැක්ටර් රථය බස්සවා වැලි පටවමින් සිටි තිදෙනකු එම ට්‍රැක්ටර් රථ සමග අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments