22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්භයානකම දශකයක අපි සිටින්නේ.

භයානකම දශකයක අපි සිටින්නේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය මුහුණ දෙන භයානකම දශකය බොහෝ විට මෙය විය හැකි බවට රුසියානු ජනාධිපති පුටින් අනතුරු අඟවා තිබේ.

මාධ්‍ය වාර්තා කළේ ඊයේ පැවැති විශේෂ දේශනයකදී රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවය.

එහිදී රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේනයේ සිදුකරන මෙහෙයුම සාධාරණීකරණය කරමින් අදහස් දැක්වු බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

රුසියාවට එරෙහිව බටහිර රාජ්‍යන් විසින් න්‍යෂ්ඨික ප්‍රහාර පිළිබඳව බලහත්කාරකම් සිදුකරන බවද රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

රුසියාවේ න්‍යෂ්ඨික අවි භාවිතය පිළිබඳව තම රට විසින් ප්‍රබල ප්‍රකාශයක් සිදුකර නොමැති අතර බටහිර නායකයින් සිදුකළ ප්‍රකාශ වලට ඉඟි පළකිරීම පමණක් සිදුකර ඇති බවද රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරිය න්‍යෂ්ඨික ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව මිත්‍ර පාක්ෂික රටවල් විරුද්ධ නොවීම ගැන පුදුමයට පත් වූ බවද රුසියානු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments