21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අමෙරිකා යන්න ගිය රන්ජන්ට ආපසු යන්න කියයි.

අමෙරිකා යන්න ගිය රන්ජන්ට ආපසු යන්න කියයි.

විදේශගතවීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

අමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගීවීම සඳහා විදේශගතවීමට ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

රන්ජන් රාමනායක (27) කටාර් ගුවන් ගුවන් සේවයේ යානයකින් විදේශගතවීමට බලාපොරොත්තු වී තිබේ.

කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට අමෙරිකාව බලා ගමන් කිරීම ඒ මහතාගේ සැලසුම වී තිබුණි.

කෙසේවෙතත් ඔහුට එරෙහිව විභාග වන නඩු දෙකකටම අදාළව අධිකරණ මගින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බැවින් ඒ මහතා යළි හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් තීරණය කර තිබේ.     

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments