29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්අරුණගේ 'මාරියාට' ‌හැනොයි සම්මාන උළෙලේදි හොඳම නළුවා සම්මානය.

අරුණගේ ‘මාරියාට’ ‌හැනොයි සම්මාන උළෙලේදි හොඳම නළුවා සම්මානය.

අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ මාරියා චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය හිමිව ඇති අතර එම චිත්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන් නළුවන් හත් දෙනෙකුට මෙම සම්මානය හිමිවීම සුවිශේෂත්වයකි.

වියට්නාමයේ ‍හැනෝයි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී මාරියා චිත්‍රපටය සඳහා හොඳම නළුවාට හිමි සම්මානය ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් 07 දෙනෙකුට හිමිවි තිබේ.

ඒ අනුව හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දිසානායක යන ශිල්පීන් මෙම සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
වියට්නාමයේ හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා මෙවර රටවල් 50ක් නියෝජනය කරමින් චිත්‍රපට 123ක් ඉදිරිපත් කර තිබූ බව සඳහන් වේ.
හය වන වරටත් වියට්නාමයේ පැවති හැනෝයි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී මෙම සම්මානය හිමිව ඇති බව වාර්තා වේ.

මීට පෙර ‘මාරියා’ චිත්‍රපටය මොස්කව් සිනමා සම්මාන උළෙල සඳහාද සුදුසුකම් ලැබිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments