මෙරට අලි ඇතුන් පිළිබඳ අවසන් සංගණනය සිදුකර ඇත්තේ 2011 වසරේ බැවින් ලබන වසරේ නව සංගණනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා (15) පැවසීය.
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බවත් එහි එක් පියවරක් ලෙස අලි ඇතුන් පිළිබඳ පූර්ණ සංගණනයක් සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය සඳහා ඊයේ (15) පැවති වනජීවී හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පළමු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ දිනෙන් දින බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුම පිළිබදව මන්ත්‍රීවරු විමසා සිටි අවස්ථාවේදීය. මේ අනුව අනුරාධපුර,පොළොන්නරුව, රත්නපුර, අම්පාර යන දිස්ත්‍රික්ක ඇතුළු විවිධ ප්‍රදේශවල ගම්මානවලට වල්අලි පැමිණීමෙන් සිදුවන බලපෑම් පිළිබඳව මන්ත්‍රීවරු රැසක් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළහ.
අලි ඇතුන්ගේ වාසස්ථාන අඩුවීම, අලි ගහනය සැලකිය යුතු ලෙස වැඩි වීම ඇතුළු හේතු ගණනාවක් අලි මිනිස් ගැටුමට හේතු වී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
දිවයිනේ විවිධ ප්‍රදේශවල අලිඇතුන් ගමන් කරන ප්‍රධාන අලිමංකඩ 16 ක් මේවන විට අවහිර වී ඇති බවත් මේ හේතුවෙන් ගම්වලට අලි ඇතුන්ගේ පැමිණීම වැඩි වී ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය. මේ අනුව මෙම අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
එසේම අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සදහා ජනාධිපතිවරයා කමිටුවක් පත් කර ඇති බවද එම කමිටු තීරණ අනුව දීර්ඝ කාලීන විසඳුම් සහිත වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.