එගොඩත් මෙගොඩත් යාකෙරුනු
දිරාගිය ලී කැඩුනු පාලමකි
ඔබ,එක් ඉවුරක මා,අනෙක් ඉවුරෙහි
මහ වැස්සකට පසු සැඩ ගං දිය දෙපා යට.
අතිනත ගෙන යාමටද බැරි
ඔබත් මාත් දෙපසකයි තවම සකි
දෑසින් නුඹ හඬ ගසයි
කෙසේනම් තරණය කරන්නද.
එකම පියවරකින්
ගං පතුල මා වැලඳ ගනීවී
එක් වරෙක දිය වැල් හා පොර බදා
ගොඩ වූවා පමනි.ඉතින් දැන් යලිත්.
සියවර සිතමි
නැවත යා හැකිදැයි මම නොදනිමි
ප්‍රියය එක්වරෙක මරණය හා බැදී උපනෙමි
යලිත් වරක් ගිලී ගියහොත් නියත මරණයයි
ඉඳින් මා නවතිමි .ජිවිතය විඳීමට ඇති .
චමරි වික්‍රමසිංහ
15/11/22