21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි 

අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි 


ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස 2020 ජුලි මස 15 වන දින සිට රාජකාරී ආරම්භ කරන ලද අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2022 දෙසැම්බර් 18 ) දින විශ්‍රාම යන ලදි.

ඒ අනුව, අද (2022 දෙසැම්බර් 18 ) දින නාවික හමුදා චාරිත්‍රානුකූලව නාවික හමුදාධිපති ධූරයේ රාජකාරීන් වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත භාර දුන් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මව්බිම වෙනුවෙන් සිදු කළ වසර 37 කට අධික අනභිභවනීය සේවය නිමා කරමින් අද  (2022 දෙසැම්බර් 18) විශ්‍රාම යන ලදී.  

නාවික හමුදා මූලස්ථානයේදී අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සම්මාන ආචාර මුරයක් මගින් ආචාරය පුද කරන ලද අතර, නාවික හමුදා කළමණාකරන මණ්ඩලය ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් ඔහු පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හට සුභාශිංසන එක් කළහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments