29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්LPL පිටියෙන් සුපිරි කි‍්‍රකට් වාර්තාවක්

LPL පිටියෙන් සුපිරි කි‍්‍රකට් වාර්තාවක්

මෙරටදී කී‍්‍රඩකයෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට මෙවර ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කලම්බෝ කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩක අන්ද්‍ර රසල් සමත් වුණා. ඒ, ඊයේ රාති‍්‍රයේ පැවති තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 14කදී අර්ධ ශතකයක් වාර්තා කරමින්. 

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 5කට සීමා වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බෝ කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 5 අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 96ක් රැුස් කළා. එම ලකණු සංඛ්‍යාව වාර්තා පොත් අතරට එක් වුණේ ඉනිමක් පන්දුවාර 5කට සීමා වූ තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

එහිදී වේගවත් ඉනිමක් කි‍්‍රඩා කළ අන්ද්‍ර රසල් පන්දු 19කදී නොදවී ලකුණු 65ක් රැස් කළා. ඊට හයේ පහර 04ක් සහ හතරේ පහර 09ක් ඇතුළත්. 

ලකුණු 97ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 5 අවසානයේ දී කඩුලූ 2ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 62ක් පමණයි. තරගයේ වීරයා ලෙස අන්ද්‍ර රසල් සම්මාන දිනා ගත්තා.

මේ අතර ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති තවත් තරගයකින් ජය වාර්තා කිරීමට දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමත් වුණා. ඒ, කුසල් ජනිත් නායකත්ව දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ලකුණු 4කින් පරාජය කරමින්. 

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කි‍්‍රඩාංගණයේ පැවති මෙම තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ ජය තීරණය වූයේ ඩක්වර්ත් සහ ලූවිස් න්‍යායට අනුවයි. පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 4ක් දැවී ලකුණුු 195ක් රැස් කළා.

එම ඉලක්කය හඹා යාමට පිවිසි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලූ 3ක් දැවී ලකුණු 84ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ වන විට කි‍්‍රයාත්මක වෙමින් තිබුණේ ඉනිමේ දස වන පන්දුවාරයයි. 

තරගයේ වීරයා ලෙස පන්දු 37කදී ලකුණු 73ක් රැස් කළ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායක දසුන් ශානක සම්මාන දිනා ගත්තා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments