23.5 C
Sri Lanka
Monday, June 23, 2025
Homeව්‍යාපාරික පුවත්SLT-MOBITEL වෙතින් නවතම All-in-one Work, Learn & Play Non-Stop පැකේජයක්

SLT-MOBITEL වෙතින් නවතම All-in-one Work, Learn & Play Non-Stop පැකේජයක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් නවතම Non-Stop Work and Play පැකේජයක් හඳුන්වා දී තිබේ. රාජකාරි කටයුතු, අධ්‍යාපන කටයුතු සහ විනෝදාස්වාද සේවාවන් සම්බන්ධයෙන් වේගයෙන් ඉහළ යමින් පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම හඳුන්වා දීම සිදුකර ඇත.

මෙමගින් පාරිභෝගිකයන්ට එක් සුවිශේෂී පැකේජයක් යටතේ Google, Zoom, Teams, Office 365, Google Meet, YouTube, Facebook, WhatsApp, TikTok සහ Instagram වැනි  ජංගම යෙදුම් රාශියක් රිසි සේ භාවිතා කළ හැකි වේ. තවද පාරිභෝගිකයන්ට කැමති පරිදි සංගීතයට සවන් දීමට හැකිවන ආකාරයට Spotify ද මීට ඇතුළත් කර ඇති අතර, අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා 4G anytime 1GB බෝනස් ඩේටා ප්‍රමාණයක්ද හිමි වේ.

SLT-MOBITEL Selfcare App එක භාවිතයෙන්, #170# ඩයල් කිරීමෙන් හෝ රු. 280 ක මුදලක් රීලෝඩ් කිරීම මගින් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට සතියක (දින 07) කාලසීමාවක් සඳහා මෙම පැකේජය සක්‍රීය කරගත හැක. පෙරගෙවුම් පාරිභෝගිකයන් සහ පසුගෙවුම් පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයටම මෙහි රු, 990 සැලසුම ලබාගත හැකි අතර, එය දින 30 ක කාලයක් සඳහා වලංගු වේ. මෙම ගාස්තු වලට අදාළ සියලු බදු ඇතුළත් ය.

Non-Stop Work and Play යනු SLT-MOBITEL Mobile පාරිභෝගිකයන්ට තම ජීවිත වල අනිවාර්ය අංගයන් වන රාජකාරි, අධ්‍යාපන සහ විනෝදාස්වාද යෙදුම් රිසි සේ භාවිතා කිරීමට ලැබෙන මහඟු අවස්ථාවකි. එමෙන්ම එය පාරිභෝගිකයන්ට තම එදිනෙදා කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගන්නා අතරම සමාජ මාධ්‍ය ඔස්සේ තම හිතමිතුරන් හා සම්බන්ධ වීමටත් අවස්ථාව සලසා දෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments