මේ වර්ෂයේ දී මේ රටේ ආර්ථිකයේ සහ දේශපාලනයේ තිබෙන අභියෝග ජය ගැනීමට අවශ්‍ය වැඩපිලිවෙල අපි සකසා තිබෙනවා. 2022 කියන්නේ ව්‍යවස්ථාවට පිටින් ගිය ක්‍රියා රැසක් කල සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා රැසක් සිදුවූ වසරක්.
2022 කියන්නේම වෙනමම වසරක්.
නමුත් ඒ ක්‍රියා නිසා මේ වන විට ප්‍රජාතන්ත්‍රීය දේශපාලනයේ විකෘතියක් සිදුවී තිබෙනවා.ඒ විකෘතිය අවසන් කිරීම කල යුතුයි.මේ වසරේදී ඒ සදහා ඉඩක් ලෑබේවි.
මේ වර්ෂය තුල ජන මතය විමසීමක් අවශ්‍යයි.තිබෙන චන්දය කුමක්ද කියන එකට වඩා ඇතිවී තිබෙන විකෘතිය නැති කිරීම තමයි වැදගත් වන්නේ.ඒ නිසා මැතිවරණය අවශ්‍යයි .
ඡන්ද කල් දැමීම තුල විශාල ව්‍යයසනයකට රට ගමන් කරනවා.
මේ හරහා ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියම ප්‍රශ්නයකට යන්න පුලුවන්.
ආණ්ඩු බලය නැති පක්ෂයට පලාත් පාලන ආයතන දිනලා වැඩක් නෑ කියලා මතයක් ගෙන යනවා.එහෙම නම් 2018 දී පොදුජන පෙරමුණට එක පලාත් පාලන ආයතනයක් වත් දින්නන ලැබෙන්නේ නෑ.
2023 දී පලල් දේශපාලන වෙනස් කම් සිදුවිය යුතු වසරක්.
විදුලි බිල වැඩිවීමක් ගැන කතා කරනවා.
මහජන උපයෝගීතා පනත ඉතාම වැදගත් .ඒ නිසා මහජන උපයෝගීතා කොමිසම නොසලකා හරින්න බෑ.නීතියට පයින් ගහලා වැඩ කරන්න බෑ.මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල වැඩි කිරීමට විරුද්ධයි.
මම නම් කියන්නේ මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් බය නැතිව නඩු දැමිය යුතුයි.
විදුලි බිල අඩු කිරීමට වැඩි කිරීමට යාන්ත්‍රණයක් තිබෙනවා.අඩුවැඩි කල යුත්තේ ඒ අනුවයි.
මේ වන විටත් දැරිය නොහැකි විදුලි බිලක් තිබෙනවා.මේ ප්‍රශ්න හරහා පුද්ගලීකරණයටත් සූදානම් වෙනවා.
මේ මොනවා උනත් රටේ ජනතාවට බර පැටවීම වැරදියි.විදුලි බලය තුල තිබෙන්නේ විශාල මාෆියා එකක්.මේවාට අවශ්‍ය නීති සම්පාදනය කර තිබෙනවා.නමුත් අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් නෑ.
කැබිනට් එකට ගෙනාපු විදුලි බිල වැඩි කිරීමට ලබන සතියේ අනුමැතිය දීමට සූදානම් කියලා ආපිට ආරංචියි.
මම මේ ඇමතිවරුන්ට යෝජනා කරන්නේ මේ කැබිනට් පත්‍රිකාව කරුණාකර අධ්‍යනය කරන්න කියලයි.
මේ කැබිනට් පත්‍රිකාව අධ්‍යනය කර ය්ස් හෝ නෝ කියන්න කියලා ඉල්ලනවා.
මේකට අත් උස්සලා කිසිම පදනමක් නැති මිනිස්සු වෙන්න එපා කියලා මම පොහොට්ටුවේ අයගෙන් ඉල්ලනවා.
කරුණාකරලා මේ වගේ විෂයක් පිළිබඳව පත්‍රිකාවක් එද්දි ඒ ගැන විශේෂඥ දැනුම තියෙන කෙනෙක් ගෙනල්ල උපදෙස් ගන්න කියල මම ඇමතිතුමා ලට යෝජනා කරනවා එහෙම නොකර තීන්දු අරගෙන පහුගිය කාලේ අපේ ආර්ථිකයටත් සමාජයටත් දේශපාලනයටත් විශාල හානි සිදුවුණා.
මේ හරහා විශාල ව්‍යයසනයකට රට තල්ලු වීම ඔබ අපි කවුරුත් දන්න දෙයක් .
විදුලිය කියන්නේ නිෂ්පාදනයක් එනිසා ඒකට ලොකු පිරිවැයක් දරන්න වෙනවා හැබැයි අපේ රටේ ඉන්ධන සහ ගල් අඟුරු වලට විශාල වැයක් දරනවා සහ ඒකෙ මාෆියාවක් තියනවා මේ සියල්ලෙන්ම බර ජනතාවට පැටවීම අසාධාරණයක්. නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීමේ ක්‍රමවේද සැකසිය යුතුයි ඒ අනුව මේක කළමනාකරණය කරනවා හැරෙන්න සියලු බර ජනතාවට පැටවීම අසාධාරණයක් ….
ඡන්දය තිබ්බොත් කැරැල්ලක් එනවා කියලා තිබුනා. මේක ජනාධිපතිතුමා හරි කවුරු හරි කියලා තියෙන්නේ. හැබැයි ඒක නෙමෙයි ඇත්ත .
කැරලි එන්නේ මේ වගේ තීන්දුවක් ගත්තොත් එනිසා මෙහෙම වැරදි තීන්දු ගන්න එපා කියලා මම ඉල්ලනවා
ඡන්දෙ තිබ්බොත් කැරලි එනවා කියලා හිතනවා නම් ජනාධිපතිට එක වැරදීමක්” ..
ඊට අදාල දර්ශන පහත සබැඳියාවෙන් ලබාගත හැක