21.3 C
Sri Lanka
Tuesday, May 13, 2025
Homeදේශීය පුවත්බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවයි

බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවයි

බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම අද දිනයේ ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව බිත්තර ආනයනය සඳහා වන ටෙන්ඩර් කැඳවීම, ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කිරීම සහ සුදුසු ආනයනකරුවන් තෝරාගැනීමේ කටයුතු මෙම සතිය තුළ සිදුකර අවසන් කිරීමට කටයුතු කරන බව එම සංස්ථාව සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ වෙළෙඳපොළට අවශ්‍ය වන බිත්තර ප්‍රමාණය රජය විසින් තීරණය කර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත දැනුම්දීමට නියමිතව තිබේ.

ඊට අදාළව මෙරටට අවශ්‍ය බිත්තර සංඛ්‍යාව මෙම සතිය තුළ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

මේ අතර දිවයිනේ පළාත් 03ක් කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ රුපියල් 53කට බිත්තර අලෙවි කිරීමේ කටයුතු සිදුකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි  සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ, බිත්තර ලක්ෂ 08ක ප්‍රමාණයක් අලෙවිය සඳහා ප්‍රදේශ රැසකට ලොරි රථ මඟින් බෙදාහැරීම් සිදුකර ඇති අතර වෙළෙඳුන්ට ද අද දිනයේ බිත්තර අලෙවිය සිදුකරන බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments