මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් සිය බලය පාවිච්චි කිරීම හේතුවෙන් එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
අද දින සවස් කාලයේදී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් විසින් ඇති කළ නොසන්සුන්තාවයක් ඇති කර තිබෙනවා. මේ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් සිය බලය පාවිච්චි කරනවා. එහිදී එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.
මේ හේතුවෙන් කැලණිය සහ රාගම පොලිස් ස්ථාන මගින් පොලිස් කණ්ඩායම් 05ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් මහර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කිරීමට යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
තුවාල ලැබූ රැඳවියන් මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.