26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ලංඩනයේදී ප්‍රභාකරන්ගේ රුව ගලවා දමයි

ලංඩනයේදී ප්‍රභාකරන්ගේ රුව ගලවා දමයි

ලංඩනයේ කොටි බල කොටුවක් වන වෙම්බ්ලි නගර මධ්‍යයේ ප්‍රධාන පාරට ආසන්නයේ බෙස්ට් ෆුඩ් (Best Foods) හා ඇන්ග්ලෝ ඒෂියන් (Anglo Asian) කඩ සාප්පු පිටුපස ප්‍රදර්ශණය කර තිබු ම්ලේච්ඡ ත්‍රස්තවාදී කොටි නායක ප්‍රභාකරන්ගේ අඩි හයක් පමණ උසට නිර්මාණය කර තිබු ඡායාරුප කටඅවුටය බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හා දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින්ගේ මැදිහත් වීමෙන් ඉවත් කිරීමට ලංඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසියේ විශේෂ ත්‍රස්ත මර්ධන ඒකකය කටයුතු කර තිබේ .

ප්‍රභාකරන්ගේ උපන් දිනයට සමගාමිව ලොව පුර වෙසෙන කොටි හිතවාදීන් සිහින ඊළාම් රාජ්‍යයේ මහවිරු දිනය කේන්ද්‍ර කර ගෙන මියගිය කොටි හිතවාදීන් සමරණ විවිධ උත්සව අතරට ලංඩනයේ කොටි හිතවාදීන්ද ඔවුන්ගේ කඩ දෙකක් පිටුපස (Curtis Lane, Wembley, HA0 4FW ) මෙම සැරසිල්ල ඉදිකර තිබුණි. වහාම ක්‍රියාත්මක වූ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය බ්‍රිතාන්‍ය රජයටත්, ආරක්ෂක අංශ වලටත් දන්වා සිටියේ බ්‍රිතානයේ ත්‍රස්ත මර්ධන නීතිය යටතේ LTTE කොටි සංවිධානය තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් බැවින් එය මෙරට ත්‍රස්ත මර්ධන නීතිය උල්ලංඝණය කිරීමක් බවයි. වහාම ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ කඩ හිමියන්ට පවසා ඇත්තේ වහාම එම රුපය ඉවත් කර ගන්නා ලෙසටය. ඒ අනුව පසුගිය 25 වනදා සවස් වරුවේ ප්‍රදර්ශනය කල ප්‍රභාකරන්ගේ රුපය දෛවයේ සරදමකට දෝ ඊට පසු දිනම එනම් ඔහුගේ උපන් දිනය වූ 26 දිනයේ දවල්වරුව වන විට ඉවත්කර ගැනීමට කොටි හිතවාදීන්ටම සිදු විය. පළමු ඡායාරුපයෙන් ප්‍රභාකරන්ගේ කටඅවුටය ප්‍රදර්ශණය කර තිබු අයුරුත් දෙවන ඡායාරුපයෙන් එය පොලිසියේ මැදිහත් වීමෙන් ඉවත් කිරීමෙන් පසුව තත්වයත් දැක ගත හැකිය.

මෙහිදී මෙම කටයුත්ත සදහා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ස්වරණ බෝතොට මහතා මැදිහත්ව කටයුතු කල බවත් ඒ පිළිබදව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ විශේෂ ප්‍රසාදයක් හිමිව තිබේ.

මුලාශ්‍ර – බ්‍රිතාන්‍යයේ ජනක අලහප්පෙරුම මහතාගේ පේස් බුක් ගිණුමෙන්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments