මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දේවින්දගේ ගෝලයකු වන ට්‍රේලා හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලුම අත්අඩංගුවට ගැනීම් සහ වැටලීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ III හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ III හි උප පොලිස් පරීක්ෂක ඒ.එච්.ඕ.එස්. සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) අඟුලාන පොලිස් වසමේ අංක 45/6, බහින තොටුපළ, අඟුලාන, මොරටුව යන ලිපිනයේ නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 09 මිලි ග්‍රෑම් 300 ක්, ජංගම දුරකථනයක් සහ ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 37,900.00 ක් සන්තකයේ තබාගෙන සිටි මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අඟුලාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වනු ලබන මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දේවින්ද නැමැත්තාගේ මත්ද්‍රව්‍ය රත්මලාන, අඟුලාන ප්‍රදේශවල ජාවාරම් කරනු ලබන බවට තොරතුරු අනාවරණය වී ඇත.
කතරගම ප්‍රදේශයේ සරුවට වැවු ගංජා හේන් 03 ක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මොණරාගල ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ඊ.ඒ.එම්. දයාරත්න මහතාගේ මග පෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටී.එමි.සී. ජනිත් කුමාර සහ උප පොලිස් පරීක්ෂක එස්.එමි.ජේ. සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.02.07 වන දින කතරගම පොලිස් වසමේ හා තණමල්විල පොලිස් වසමේ සෙල්ලංගල ප්‍රදේශයේ දී සහ කැටගල්ආර ප්‍රදේශයේ වැටලීම් 03 ක් සිදුකර ඇත.
එහි දී අක්කර 02 ක පමණ භූමි ප්‍රදේශයක සරුවට වගා කර තිබූ ගංජා හේන් 03 ක් (ගංජා ගස් 35,000) සමඟ තණමල්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම හා තණමල්විල පොලිස් ස්ථානයන් වෙත භාර දී ඇත. එහිදි අඩි 09 ක් පමණ උස ගංජා ගස් 20,000යි, අඩි 06 ක් පමණ උස ගංජා ගස් 10,000 යි,අඩි 04 ක් පමණ උස ගංජා ගස් 5,000ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පවතින ලද මිල වෙනස්කර ඇසුරුම් කරන ලැබුණු පොහොර වැඩි මුදලට විකිනීම සහ බෙදාහැරීමට සූදානම් කල පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අම්පාර කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර කදවුරේ කදවුර අනදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන මහතාගෙ මෙහෙයවීම මෙන් දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ටී.බී.ආර්.පී. සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අම්පාර පාරිභෝගික සේවා අධිකාරී නිලධාරී කණ්ඩායමක් සමග ඒකාබද්ධව (06) දමන පොලිස් වසමේ ගල්ඔය වැවිලි සමාගම, හිගුරාන කළාපයේ, එක්ගල්ඔය උප කාර්යාලයේ දී වැටලීමක් සිදුකර සටහන් කරන ලද මිළ වෙනස්කර ඇසුරුම් කරන ලද පොහොර විකිනීම සහ බෙදාහැරීමට සූදානම් කිරීමේ වරද යටතේ මිළ ගණන් වෙනස්කරන ලද සහ වෙනස් කිරීමට සූදානම්ව තිබූ Agstar සන්නාමය සහිත KC1 – K2O-60% min (MOP) වර්ගයේ කිලෝ 50 පොහොර කවර 577 ක ප්‍රමාණයක් සමග හිගුරාන, දමන, ජාඇල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 43, 46, 36 වයස්වල පුද්ගලයින් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාරිභෝගික සේවා අධිකාරී දිස්ත්‍රික් ප්‍රධානී සාලිය බන්ඩාර නවරත්න මහතා වෙත භාර දී ඇත. එහිදි අත්අඩංගුවට ගත් අනෙකුත් භාණ්ඩ වනුයේ මිල වෙනස් කිරීමේ සීල් 01 යි එම තීන්ත ෆෑඩ් 01,“New Long – 250 HARA” මාදිලියේ “Hand Sawing Machine” 01,බෑග් මැසීමට භාවිතා කරන කෝට්ස් ඇස්ට්‍රා වර්ගයේ මීටර් 1000 දිග නූල් පන්දු 14, “Agstar” සන්නම් නාමය සහිත සෙලෝටේප් රෝල්
ලක්ෂ 21 කට අදික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කිලිනොච්චිය කදවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එස්.පි. චමින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) රාමනාදපුරම් පොලිස් වසමේ අරූමුගම් කෝවිල, වට්ටකච්ච් යන ස්ථානයේ දී වැටලීමක් සිදුකර ලක්ෂ 21 කට අදික වටිනාකමකින් යුත් කේරළ ගංජා කි.ග්‍රෑ 7.800 ක් අඩංගු පාර්සල් 05ක් යතුරු පැදියකින් ප්‍රවාහනයකරමින් සිටි වට්ට්කච්ච් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාමනාදපුරම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.