29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPනව බදු ප්‍රතිපත්තියට එරෙහි අද වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක

නව බදු ප්‍රතිපත්තියට එරෙහි අද වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක

නව බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තීය සමිති කිහිපයක් අද (08) වර්ජනයක නිරත වීමට නියමිතය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අද පෙරවරු 8.00 සිට රජයේ රෝහල්වල වෛද්‍යවරු පැය විසි 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බවය.

ඊට අමතරව කොළඹ හයිඩ් පිටියේදී දැවැන්ත විරෝධතා රැලියක්ද සංවිධානය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

මේ අතර නව බදු සංශෝධනයට එරහිව බැංකු සේවකයින්ද අද දහවල් 12.30 සිට සේවයෙන් ඉවත් වීමේ සූදානමක් ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංන්ජන් සේනානායක මහතා සඳහන් කළේය.

මේ අතර වරාය සේවකයින්ද අද දිනයේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව  ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පැවසීය.

මේ අතර රජයේ විධායක නිලධාරීන්ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක අද නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ .එල් උදයසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments