29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsප්‍රමිතියෙන් තොර රූපලාවන්‍යාගාරවලට යොදාගන්නා සහ ලිංගික උත්තේජන ආලේපන වර්ග රැස් කර...

ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍යාගාරවලට යොදාගන්නා සහ ලිංගික උත්තේජන ආලේපන වර්ග රැස් කර තිබු ගබඩාවක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන්- පොලිසිය

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක් තුළ තිබියදී රූපලාවන්‍යාගාර සඳහා භාවිතයට ගන්නා ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග, බෙහෙත් වර්ග ආදී කාණ්ඩ 58ක පමණ විශාල භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත.

ඒ අනුව එහි තිබී ප්‍රමිතියෙන් තොර ලිංගික උත්තේජන ආලේපන වර්ග රැසක් ද සොයාගෙන තිබේ.

සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වසර 04ක් තිස්සේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම භාණ්ඩ අලෙවිකරණයේ නිරතවී ඇති බවය. 

ඒ අනුව මෙම ආයතනයේ හිමිකරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

මෙම කටයුතු සිදුකළ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් 03ක් පිළිබඳ තොරතුරු වාර්තාවී ඇති අතර මෙම භාණ්ඩ ජර්මනියේ නිෂ්පාදන බවට හැඟවෙන ස්ටිකර් අලවා අලවේ කිරීම සිදුකරගෙන ගොස් තිබේ.

ප්‍රධාන වශයෙන් කුරියර් සේවාවක් මගින් භාණ්ඩ සැපයුම් සිදුකර ඇති බවත් හෙළිවී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments