29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මහබැංකුවට පරිපාලනමය සහ මූල්‍ය ස්වාධීනත්වයක් ලබා දීම සදහා ‘ශ්‍රී ලංකා මහබැංකුව’ පනත්...

මහබැංකුවට පරිපාලනමය සහ මූල්‍ය ස්වාධීනත්වයක් ලබා දීම සදහා ‘ශ්‍රී ලංකා මහබැංකුව’ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුට

ශ්‍රී ලංකා මහබැංකුව පනත් කෙටුම්පත පළමුවර කියැවීම සදහා, සභානායක අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් ‍කරන ලදී.

මූල්‍ය සහ පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා දීම  පිණිස ශ්‍රී ලංකා මහබැංකුව පිහිටුවීම, මහබැංකුව දැනට පිහිටුවා තිබෙන මුදල් නීති පනත ඉවත් කිරීම ඇතුළු අනුෂංගික කාරණා සදහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.

නව පනත් කෙටුම්පත අනුව ශ්‍රී ලංකා මහ බැංකුවෙ ස්වාධීනත්වයට සැම විවිටම ගරු කරනු ලැබිය යුතු අතර කවර හෝ තැනැත්තෙකු විසින් මහ බැංකුවේ අධිපතිවරයාට හෝ පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්ට හෝ මහ බැංකුවේ සේවා නියුක්තයන්ට ඔවුන්ගේ බලතල කාර්යය සහ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමේදී කවර හෝ බලපෑමක් කිරීම හෝ මහ බැංකුවේ කටයුතුවලට බාධා කිරීම හෝ නොකළ යුතුය.

එ‍සේම දේශීය මිල ස්ථායිතාව අත්කර ගැනීම සහ පවත්වාගෙන යාමත් මූල්‍ය පද්ධති ස්ථායිතාවය සුරක්ෂිත කිරීම  මහබැංකුවේ ප්‍රධාන අරමුණ විය යුතු බවටත් පනත් කෙටුම්පතේ සදහන් කොට තිබේ. ඊට අමතරව මහ බැංකුවේ කටයුතුවල  පරිපාලනය සහ කළමනාකරණය අධීක්ෂණය කිරීම සහ මුදල් ප්‍රතිපත්තිය නොවන මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීමේ වගකීම පැවරුණු ‘පාලක මණ්ඩලයක්’ පිහිටුවීම සිදුකෙරේ. එහි සභාපතිවරයා මහ බැංකුවේ අධිපතිවරයා විය යුතු අතර විශේෂඥ දැනුමක් ඇති සාමාජිකයන් හය දෙනෙකු ඊට පත් කරනු ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments