25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්බුරවි සුළි කුණාටුව ඉදිරි පැය තුළ ගොඩබිමට

බුරවි සුළි කුණාටුව ඉදිරි පැය තුළ ගොඩබිමට

බුරවි සුළි කුණාටුව ඉදිරි පැය දෙක තුළ ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්න ගොඩබිමට ඇතුළු වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 -90පමණ වන බවය.

විටින් විට පැ.කි.මී 100 දක්වා වැඩි විය හැකිය.

මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදයවරුව වන විට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

මේ හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා වන පුනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, මට්ටමට වඩා මීටර් 1ක් පමණ ඉහළ යා හැකි අතර වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments