පානදුර පෞද්ගලික බැංකුවක් වෙත කොරෝනා වෛරසය ආසාදිත වූ යුවලක් පැමිණි බවට අනාවරණය වීමෙන් අනතුරුව එම බැංකුව අද (2) උදෑසන සිට තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබාදුන් බව පානදුර නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් මොර මුදලි මහතා පැවසීය.
කළමනාකාරවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබාදුන් බව ඒ මහතා කීය.
වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පදිංචි එම යුවල ට මීට දින කීපයකට ඉහතදී පි සි ආර් පරීක්ෂණ සිදුකර තිබූ අතර ඊයේ 1 සවස එහි වාර්තා ලැබීමෙන් අනතුරුව ඔවුන් ආ ගිය තැන් පිළිබඳ විමසීමේදී ඉකුත් සිකුරාදා වන විට එම යුවළ දින කීපයක් බැංකුව වෙත පැමිණ තිබූ බවට වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනාවරණය වී තිබූ බව මොර මුදලි මහතා කීය .
එම තොරතුරු පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ලබාදීමෙන් අනතුරුව ඉහත උපදෙස් ලබාදුන් බව ඒ මහතා පැවසීය
එම බැංකු පරිශ්‍රය විසබීජ හරයට ලක් කිරීමෙන් අනතුරුව වෙනත් කාර්යමණ්ඩලයක් යොදවා හෙට දින සිට පවත්වාගෙන යාමට වැඩිදුරටත් උපදෙස් ලබා දුන් බව මොර මුදලි මහතා වැඩිදුරටත් පැවසීය