ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතන තැතැක් අතැයි සංසරණය වන සාවද්‍ය ප්‍රචාරයක් මේ වනවිට සමාජ ජාලාවල පලවී ඇත.
ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විදෙස් සංචාරයක් නිමවා නැවත ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වනවිට මෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටවන විට ආරක්ෂා කිරීම සිදු කල යුතු ආකාරය පිලිබඳ විධිවිධාන හා ක්‍රියා පටිපාටියක් ඇති අතර එම විධිවිධානයන්ට අනුව හා නිශ්චිත ක්‍රියාපටිපටිපාටිය මෙහිදී අනුගමනය කර ඇත.
සාමාන්‍යයෙන් මෙම විධිවිධාන හා ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා දිවයිනට සම්ප්‍රාප්තවනවිට මෙන්ම දිවයිනෙන් පිටත්ව යන විටද අදාල අංශවලට දැනුම් දෙනු ලැබේ.මෙසේ දනුම් දෙනු ලැබූ පණිවිඩයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් අනවසරයෙන් පිටතට හා මාධ්‍ය වෙත ලබාදී වෙබ් අඩවි කිහිපයක මෙන්ම සමාජ මාධ්‍ය වල විශාල කැලඹීමක් ඇති කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ පිලිබඳ වහාම පරීක්ෂයක් සිදු කොට එම අභ්‍යන්තර පොලිස් පණිවිඩය පිටතට හා මාධ්‍ය වෙත අනවසරයෙන් ලබා දුන්නන් ගැනත් එම සාවද්‍ය තොරතුර ප්‍රචාරය කළ අය පිළිබඳවත් පරීක්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රංශ – එංගලන්ත නිල සංචාරය නිමකොට දිවයිනට ළඟා වීමේදී සාමාන්‍ය පරිදි ජනාධිපතිවරායට හිමි ආරක්ෂක වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.