21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්ශ්‍රී ලංකාවේ නවතම සංකල්පය BRIDGEME  දැන් මිලදී ගන්න, පසුව ගෙවන්න

ශ්‍රී ලංකාවේ නවතම සංකල්පය BRIDGEME  දැන් මිලදී ගන්න, පසුව ගෙවන්න

නිරන්තරයෙන් වෙනස් වන මුල්‍ය වටපිටාවක් තුළ  අර්ථික වර්ධනය දිරි ගැන්විමේ හා පුද්ගලයින් සවිබල ගැන්විමේදී ණයට මිලදී ගැනීමට ඇති හැකියාව ඉතා වැදගත් කරුණකි. මිලදී ගැනීමේ හැකියාව ඉහළ නැංවීම හා  ජිවන රටාව වැඩි දියුණු කිරීම උදෙසා ගෙවීම් විසඳුම් ලබා දෙමින්  පරිභෝගිකයත් වෙළෙන්දාත් අතර ඇති පරතරය යා කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වන ප්‍රධාන පෙලේ ක්ෂුද්‍ර ණය  ආයතනයකි, BRIDGEME.

කොළඹ පැවතී මාධ්‍ය හමුවකදී BRIDGEME තම නව වෙබ් අඩවිය වන www.bridgeme.net එළි දැක් වූ අතර එම වෙබ් අඩවිය භාවිතය පහසු අතුරු මුහුණතකින් සමන්විත වනවා පමණක් නොව මෙම පහසුකම හා සම්න්ධ වීමට කැමති ආයතනවලට හා පාරිභෝගිකයින්ට තම ලියාපදිංචිය පහසුවෙන් කර ගැනීමට අවස්ථාව සලසා දෙයි.

සම්ප්‍රදායික ණය සැලසුම් හා වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයන් තුළින් සහනයක් නොලබන ව්‍යපාර  හා පුද්ගලයින්ට වෙළඳ කටයුතු වෙනුවෙන් ආධාර උපකාර කිරීම තම අරමුණ බව ප්‍රකාශයක් නිකුත් කරමින් BRIDGEME  ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නසීම් ගෆුර් මහතා පවසයි. පරිභෝගකයින්ට හොඳම නිෂ්පාදනයන්ට හා විසඳුම්වලට ඉඩකඩ ලබා දෙන අතර ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, ලීබඩු, නිවාස අලංකාරකරණය, අධ්‍යාපනය හා ගුවන් ටිකට්පත් යන ක්ෂේත්‍ර ආවරණය කර ගනිමින් ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළඳාමේ දැවැන්තයින් සමඟ BRIDGEME අත්වැල් බැඳගෙන ඇත.

ලියාපදිංචි විවිධ වෙළඳසැල් මඟින් කිසිඳු අවහිරයකින් තොරව භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට BRIDGEME  දැන් මිලදී ගන්න, පසුව ගෙවන්න යන මුල්‍ය සැලසුම නිසා අවස්ථාව උදා වේ.

මෙම ක්‍රියාවලිය තුළ ලිපි ලේඛන භාවිතය ඉතා අවම වන නිසාත් ඇපයක් තැබීමට කිසිසේත්ම අවශ්‍ය නොවන නිසාත් පුළුල් පරාසයක විහිදෙන පාරිභෝගිකයින්ට  ගනුදෙනු කිරීම සඳහා මේ තුළින් ඉඩකඩ විවෘත වේ.

අමතර මෙහෙයුම් පිරිවැයකින් තොරව තම කාර්යය මණ්ඩල සාමාජිකයින්ට අසමසම ප්‍රතිලාභ ලබා දීම සඳහා ව්‍යාපාරික ආයතනවලටද BRIDGEME සමඟ සම්බන්ධ විය හැක. BRIDGEME ක්ෂුද්‍ර ණය විසඳුම් භාවිතා කරමින් තම සේවකයින්ට ලබා දෙන ප්‍රතිලාභ වැඩි දියුණු කිරීමටත් ඔවුන්ගේ මුල්‍ය සුබසාධනය ඉහළ නැංවීමටත් වෙළඳ ආයතනවලට හැකියාව ඇත. මෙම අද්වීතිය දීමනාව නිසා  තම සේවකයින් සවිබල ගැන්වීමට යත්න දරන ආයතනවලට BRIDGEME වටිනා සගයෙකි.

වසර 17 ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් ඇති බස්රි අහමඩ් BRIDGEME කණ්ඩායම මෙහෙයවන අතර වසර 10 කට වඩා වෙළඳ  ආයතන උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති සහරාන් නසාත් BRIDGEME මෙහෙයුම් කටයුතුවල ප්‍රධානියා ලෙස ක්‍රියා කරයි.

ප්‍රධාන හවුල් කරුවන් මෙහෙයවනු ලබන ලව් යාදෙව් මහතා ආයතන මුල්‍ය උපදේශනයේ හා ප්‍රාග්ධන කළමනාකරණයේ වසර 25 කට වඩා  අත්දැකීම් ඇති පරිණත වෘත්තිකයෙකු වන අතර ඔහු BRIDGEME ආයතනයේ ක්‍රමෝපාය උපදේශකයෙකු ලෙස කටයුතු කරයි.

රුසෙයි ෆාරූක්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments