රුසෙයික් ෆාරූක්
ඉරාක සිට දිවයිනට පැමිනි අශ්-ශෙය්ක්හ් අස්-සෙයියද් අෆිෆුද්දීන් මවුලානා අල්-කාදිරි අල්-ජීලානි අධ්‍යාත්මික නායක තුමා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර හමුවක් පසුගියදා කොළඹදී පැවැත්වූහ |
අධ්‍යාත්මික නායක තුමානන් ජාත්‍යන්තරව පිළිගත් සහ ගෞරවාදරයට පාත්‍ර වූ අධ්‍යාත්මික විද්වතෙකු වන අතර සාම්ප්‍රදායික ඉස්ලාමීය ආගම සහ සමාජ විද්‍යාව යන ක්ෂේත්‍රවල එතුමා කැපී පෙනේ.
එතුමාගේ දේශනය ලොව පුරා සාමය පවත්වාගෙන යාම සඳහා වන විවිධ වැඩසටහන් පිළිබඳව ප්‍රයෝජනවත් සාකච්ඡාවක් අමාත්‍යතුමා සහ අධ්‍යාත්මික නායක තුමන් අතර පැවැත්වූහ.
මෙම සාකච්ඡාවේදී ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ මුස්ලිම් කටයුතු පිළිබඳ සම-සභාපති අල්-හාජ් ආචාර්ය අශ්-සෙයියද් හසන් මවුලානා අල්-කාදිරි, සමස්ත ලංකා සුපි තරීකාවල උත්තරීතර සභාවේ සභාපති අල්-හාජ් අස්-සෙයියද් නකීබ් මවුලානා, දෙවටකහ ජුම්මා පල්ලියේ සභාපති අල්-හාජ් රියාස් සාලි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.