22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්නාවික හමුදාව මඟින් ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දුපත නැරඹීමේ මුහුදු සංචාර...

නාවික හමුදාව මඟින් ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දුපත නැරඹීමේ මුහුදු සංචාර යළි ආරම්භ කරයි

නාවික හමුදාව මඟින් දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ත්‍රීකුණාමලය වරාය ඇතුලත සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීමේ මුහුදු සංචාර යළි ඇරඹීමේ නියමු ව්‍යාපෘතිය 2023 අගෝස්තු මස 19 වන දින ත්‍රීකුණාමලය වරාය පරිශ්‍රයේ දී නිල වශයෙන් ආරම්භ කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සංකල්පයකට අනුව, නැගෙනහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ අධීක්‍ෂණය යටතේ යළි ඇරඹෙන මෙම නියමු ව්‍යාපෘතිය මඟින් ලොව පුරා ප්‍රචලිත ත්‍රිකුණාමලය ස්වභාවික වරායේ අසිරිය නැරඹීමට සහ නිලාවේලි පරෙවි දුපතේ කොරල්පර අසිරිය නැරඹීම සඳහා අවශ්‍ය මුහුදු ගමන් පහසුකම් ආරක්ෂිතව සහ සහනදායි මිලකට සලසා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු අනිල් බෝවත්ත ඇතුළු නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයන් පිරිසක් සහ සංචාරකයින් පිරිසක් සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments