විශේෂ කාර්ය බළකායේ 39 වන රණවිරු ගුණානුස්මරණ උත්සවය යෙදුණු (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පී.වියානී ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
මවිබිමෙ භෞමික අඛණ්ඩතාවය සහ ස්‌වෛරිභාවය වෙනුවෙන් දිවි පිදු රනවිරුවන් සිහිකර රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර දැක්වීම සිදුකරන ලද අතර ඒ සදහා රනවිරු පවුල් වල සාමාජිකයන් ද එක්වුහ.
පොලිස්පති සී ඩී වික්‍රමරත්න, විශේෂ කාර්ය බලකායෙ නියෝජ්‍ය අනදෙන නිලධාරී (පාලන ) ජේෂ්ඨ පොලිස් අධිකාරි අතුල රත්නායක මහතා ,විශේෂ කාර්ය බලකාය පුහුණු පාසලේ අධ්‍යක්ෂ පුහුණුව
සහකාර පොලිස් අධිකාරී එන්.පී.ගජවීර මහතා,
සහකාර පොලිස් අධිකාරි ( විශේෂ කාර්ය බලකා මුලස්තානය ) විමලරත්න මහතාද කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේ අණදෙන නිළධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් රත්නායක ඇතුළු නිළධාරීන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙයට සමගාමිව විශේෂ කාර්ය බලකාය කතරගම ,අනුරාධපුරය ,අමිපාර,විශේෂ කාර්ය බලකාය මුලස්තානයේද රණවිරු සැමරුම් උත්සවයන් පවත්වන ලදි.

ශක තුනක් මවිබිම වසාගත් යුධ සාපයෙන් බෙිර ගැනීමට මවිබිමෙ භෞමික අඛණ්ඩතාවය සහ සෛවරිභාවය ආරක්ෂා කිරිමට දිවි හිමියෙන් කැපවුනු පොලිස් විශේෂ කාර්ය බලකාය දකුණු ආසියාවෙ විෂිශ්ඨ ම අතුරු හමුදාවයි.
රුදුරු ත්‍රස්තවාදය මවිබිමෙන් අතුගා දැමිමෙ පලමු වෙඩිමුරය නිකුත් කල විශේෂ කාර්ය බලකායෙ නිලධාරීන් 464 දෙනෙක් සුළු කමිකරු මහතුන් හය දෙනෙක් ද මවිබිමෙ සෛවරීභාවය වෙනුවෙන් දිව පුදා ඇති අතර නිලධාරීන් 744 දෙනෙකු ආබාධිත තත්ත්වය ට පත්ව ඇත
ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවය විශේෂ කර්ය බලකාය කටුකුරුන්ද පුහුණු පසලේ රණවිරු ස්මාරකය අභියස පැවැත්වෙන අතර ඊට සමගාමීව විශේෂ කාර්ය බලකාය අනුරාධපුර, කතරගම, අම්පාර යන කඳවුරු වල රණවිරු ස්මාරක අභියසද රණවිරු සැමරුම් උත්සව පැවැත්වේ.
2023 සැප්තැම්බර් මස 05 වන දින මියගිය රණවිරුවන් හා අබාධිත රණවිරුවන් සිහිකර මහනුවර දළදා මාලිගාව අභියස දානමය පිංකමක් පැවැත්වීමට ද සියලු කටයුතු සුදානම් කර ඇත.




ගාමිණී පිටගමිපල
උප පොලිස් පරීක්ෂක
ජාතික කලාකරු
ස්ථානාධිපති (මාධ්‍ය )
විශේෂ කාර්ය බලකාය