ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස්, කළම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම් 3, මේ වනවිට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් සුපරාලන්නට සමත්ව සිටියි.
කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනට අනුව මේ වනවිට තරග 5කදී ජයග්‍රහණ 4ක් සහ ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා එම කණ්ඩායම් තුනම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා තිබේ. නමුත් ලකුණු ලබා ගැනීමේ දල වේගය මත 1.243ක වේගයක් ලැබූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සටහනේ පෙරමුණටත් 0.844ක වේගයක් සහ -0.203 වේගයක් ලබා පිළිවෙලින් කළම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් දෙවැනි සහ තෙවැනි ස්ථානයේද රැඳී සිටියි.
වැඩිම ලකුණුලාභී පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පෙරමුණට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක පත්ව ඇති අතර ඒ ලකුණු 284ක් ලබාගනිමිනි. නමුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට මේ දක්වා එකදු තරගයක් හෝ ජයග්‍රහණය කරන්නට අවසථාවක් හිමි නොවිය. මුල් පෙළේ සෙසු වැඩිම ලකුණු ලාභීන් ලෙස දසුන් ශානක, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් සහ තිසර පෙරේරා රැදී සිටිති. වැඩිම කඩුලුලාභීන් අතර පෙරමුණ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිඳු හසරංගට හිමිවී ඇති අතර ඒ තරග 5කදී කඩුලු 9ක් ලබා ගනිමිනි. කඩුලු ලාභීන්ගේ මුල් 5 දෙනාගේ ලැයිස්තුවේ සෙසු ක්‍රීඩකයන් ලෙස නවින් උල් හක්, උස්මාන් ෂින්වරී, කයිස් අහමඩ් සහ අන්වර් අලී විශේෂය.මෙම මුල් 5 දෙනාගේ ලැයිස්තුවේ සිටින එකම ශ්‍රී ලාංකිකයා වනිඳු වීමද විශේෂත්වයකි.
අද දිනයේදී තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිත වන අතර ඒ අතරින් පළමු තරගය කළම්බු කිංග්ස් කණ්ඩායමත් ගෝල් ග්ලැඩියේටර්ස් අතරත් පැවැත්වීමට නියමිතය. ගොල් කණ්ඩායම මේ දක්වා කිසිදු තරගයක් ජයගෙන නැත. එබැවින් ඔවුනට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් මෙම තරග 3ම ජයග්‍රහණය අනිවාර්ය වේ. කැන්ඩි ටස්කර්ස් පිලට අද දිනය විවේකී දිනයක් වන අතර අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඔවුන් ඉතිරි තරග දෙකම ජය ගැනීම අනිවාර්ය වේ. එම තරග දෙක සඳහා බොහෝවිට වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි. තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග එළැඹෙන 13 වනදා ආරම්භ වීමට නියමිතය.