22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්විදේශ රැකියා සඳහා පිටත්වීම මේවසරේ නොවැම්බර් වනවිට දෙලක්ෂ පනස් දහස දක්වා ඉක්මවා...

විදේශ රැකියා සඳහා පිටත්වීම මේවසරේ නොවැම්බර් වනවිට දෙලක්ෂ පනස් දහස දක්වා ඉක්මවා තිබේ.

ඒ් අනුව ඉකුත් (02)වනවිට විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් 2,50,381ක් දෙනකු පිටත්ව ගොස් ඇතිබව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි. කාර්යාංශයේ දත්ත වාර්තාව වලට අනුව මෙමපිරිස අතරින් 1.30,896 දෙනකු ස්වයං මාර්ගයෙන් ලියාපදිංචි වු අය වෙති. බලපත්‍ර ලාභි විදෙශ රැකියා නියෝජිත මාර්ගයෙන් කාර්යාංශයේ ලියාපදිංචිවි රැකියා සඳහා විදේශ ගතවු ප්‍රමාණය 11,9,685කී. ජනවාරි සිට මේ දක්වා පිටත්වි ඇති සමස්ත විගමනික ශ්‍රමිකයින් පිරි අතරට පිරිමි ශ්‍රමිකයින් 11,4,454ක්ද කාන්තාවන් 110159ක් අයත්වේ.

සෞදි අරාබියේ රැකියා සඳහා 54,686ක්ද, කුවේට්50188ක්ද, කටාර් 46908ක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැකියා සඳහා 32097 දෙනකු ඇතුළු සෙසු රටවල් වෙත දෙනකු ජනවාරි සිටි මේ දක්වා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. තවද රුමේනියාවේ 11200ක්ා කොරියාවේ 8225ක් ජපානයේ 4805 දෙනකු රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
මෙලෙස රැකියා සඳහා පිටත්ව ගිය පිරිස අතරින් 76134 දෙනකු අර්ධ පුහුණු රැකියාලාභීන් වන අතර පුහුණු රැකියාලාභීන් ලෙස විදේශ ගතවී ඇති ප්‍රමාණය 71897කී.
ගෘහපාලන සහයක රැකියා සඳහා 67761ක්ද වෘත්තීය රැකියා සඳහා 12805 දෙනකු පිටත්ව ඇත.
විදේශ රැකියා සඳහා වෘත්තීය පුහුණු රැකියාලාභීන් යොමු කිරීමට සහ ජපානය, දකුණු කොරියාව,රුමේනියාව ඇතුළු රටවලට සමග කම්කරු හා විදේශ රැකිය ඇමැති මනූෂ නානයක්කාර මහතා මේ වනවිට සාකච්ඡා කරමින් සිටින අතර විගමණක ශ්‍රමික සුබසාධනය වෙනුවෙන් වැඩි ප්‍රතිලාභ ලබාදීමට අදාල අංශවලට උපදෙස් ලබාදී තිබේ තවද විවිධ නීතිවිරෝධි මාර්ග ඔස්සේ විදේශ රැකියා සඳහා පුද්ගලයින් පිටත් කිරීමට කටයුතු කරන ජාවාරම්කරුවන් මැඩලීමට මේවනවිට පියවරයන් රැසක් ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments