පාසැල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කෙරේ – යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළි දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි
පහ ශිෂ්යනත්ව විභාග සඳහා පාසැල් පාදක ඇගයීම්වලින් යම් ප්රීතිශතයක්ද, විභාග මගින් යම් ප්රවතිශතයක්ද ලෙස ලකුණු ලබාදීමට යෝජනා කර ඇති අතර, පහ ශිෂ්යටත්ව විභාගය සරල කර තරඟකාරිත්වය නැති කිරීමටද යෝජනා කෙරේ.
සාමාන්‍ය පෙළ 10 වසරේ, උසස් පෙළ 12 වසරේ දී – අවරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට සෑම දරුවෙකුටම අවස්ථාව ලබාදීමට යෝජනා කෙරේ.
සාමාන්‍යපෙළ විභාගයේ විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමටත් 9 හා 10 ශ්‍රේණිවලදී අතිරේක විෂයන් අනිවාර්ය කිරීමටත් යෝජනා කෙරේ.
සාමාන්‍යපෙළින් කිසිදු දරුවෙකු අසමත් වීම වෙනුවට උසස්පෙළ හැදෑරීමට සිලුම දරුවන්ට විෂයධාරා අනුව විශ්ව විද්‍යාල අධ්‍යාපනයත්, වෘත්තීය අධ්‍යාපනයත් තෝරාගැනීමට අවකාශය සැලසෙයි.
පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
ඉකුත් (01) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අයවැය සඳහා මෙම වර්ෂයේ ප්‍රගතිය හා 2024 වර්ෂයේ සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදීය.
ඒ අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සෑම දරුවෙකුටම අවරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලෙසන බව අධ්‍යාපන බලධාරීහු පැවසූහ. ඒ අනුව පෙර පාසැල් අධ්‍යාපනය වයස අවුරුදු 4 දීත්, ප්‍රාථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6- 8 ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වා ලෙස වර්ගීකරණය කර ඇත.
පහ ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසැල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක්ද, විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණු ලබාදීමට යෝජනා කර අති අතර, පහ ශිෂ්‍යත්ව විභාගය සරල කර තරඟකාරිත්වය නැති කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශ යෝජනා කර ඇත.
එමෙන්ම සාමාන්‍යපෙළ විභාගය 10 වසරේදීත් උසස් පෙළ විභාගය 12 වසරේදීත් පැවැත්වීමට, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්යාඋපන අමතත්‍යාංශය යෝජනා කර ඇත. එහිදී දැනට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමටද තීරණය කර ඇත. එම විෂයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT), තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.
වසරකදී සාමාන්‍යපෙළ විභාගයෙන් අසූ දහසකට (80,000) අධික සිසුන් සංඛ්‍යාවක් අසමත් වන බව පෙන්වාදුන් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් කිසිදු දරුවකු අසමත් නොවන බවත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සියලු දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දීමටයි යෝජනා කර ඇත්තේ.
ඒ වෙනුවෙන් උසස් පෙළ විෂයන් ශාස්ත්‍රී අධ්‍යනය හා වෘත්තීය අධ්‍යනය ලෙස ඛාණ්ඩ දෙකකට වර්ගීකරණය කොට සෑම දරුවෙකුටම උපාධියක් ලබාගැනීම දක්වා මාර්ගයක් සකස් කර ඇත. ශාස්ත්‍රිය අධ්‍යනය යටතේ දැනට පවතින විෂය අංශයන් 6 සිට 8 දක්වා වැඩි කරමින් නව විෂය අංශ දෙකක් එක්කොට ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන ලදී. එමෙන්ම ප්‍රායෝගික අධ්‍යනය යටතේ විෂය අංශයන් 10ක් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලැබීම අවස්ථාව ලබෙන බවත් ඒ ඔස්සේ උපාධි නොවන ක්ෂේත්‍රද ඔස්සේ යමින් උපාධි ලබාගැනීමේ අවස්ථාව දරුවන්ට ලැබෙන බවද එම අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසුහ.
අධ්‍යාපන සේවය තුළ පරිපාලනමය ප්‍රතිව්‍යුහගත කිරීමද සිදුවන බව එම අමාත්‍යාශය පෙන්වා දෙන ලදී .එහිදී දැනට පවතින අධ්‍යාපන කලාප සංඛ්‍යාව 100 සිට 122 දක්වා ඉහළ යන අතර දස දහස් එකසිය විසි හයක් වන(10,126) සමස්ත පාසල් සංඛ්‍යාව එක්දහස් දෙසිය විස්සක් (1220) වූ පොකුරු පාසල් ලෙස වර්ගීකරණයකට ලක්වෙනු ඇත. දැනට පවතින සියලුම ජාතික පාසල් පළාත් මට්ටමින් ප්‍රමුඛ පාසල් ලෙස පසැල් පොකුරක ප්‍රධාන පාසලක් වනු ඇත.
2024 වර්ෂය සඳහා මෙවර අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 517.05ක් වෙන් කර ඇති බව එම අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ. ඉන් රුපියල් මිලියන දෙදහසක් පාසල් පෙළ පොත් ලබා දීමටද, රුපියල් මිලියන හය දහසක් පාසැල් නිළ ඇඳුම් සඳහාද, දරුවන් හත්ලක්ෂ විසි අට දහස් හාරසිය අසූවක් (728,480) වූ දරුවන්ට පාසැල් සපත්තු ලබාදීම සඳහා රුපියල් මිලියන දෙදහස් පන්සියයක් ද වෙන්කොට ඇත. පාසැල් දරුවන් මිලියන 1.07 කට පමණ දැනට දිවා ආහාරය ලබා දෙන අතර එම සංඛ්යාූව 2024 වර්ෂයේදී දරුවන් මිලියන 1.5 කට ලබා දීමට සුදානම් බවද අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීහු පැවසූහ.