21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සෞඛ්‍ය සේවයේ අනෙකුත් වෘත්තිකයන්ටත් ආර් ථික යුක්තිය ඉටු කිරීමට පියවර ගන්න...

සෞඛ්‍ය සේවයේ අනෙකුත් වෘත්තිකයන්ටත් ආර් ථික යුක්තිය ඉටු කිරීමට පියවර ගන්න – පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඬලය


පසුගිය සඳුදා රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින් සෞඛ්‍ය සේවාවේ එක් වෘත්තික කණ්ඩායමකට පමණක් ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා රුපියල් 35000 දීමනාවක් වැඩි කිරීම කිරීමට කළ යෝජනාව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ගෙවීම් කටයුතු කිරීම සඳහා මේ වන විට චක්‍රලේඛය නිකුත් කර ඇත.

මේ අවස්ථාවේදී ආර්ථික යුක්තිය රටේ සියලු ජනතාවට මෙන්ම සෞඛ්‍ය සේවාවේ සිටින අනෙකුත් වෘත්තිකයන්ටද ඉටු කළ යුතුම කාරණාවක් වේ.

මේ ආකාරයෙන් එක් පාර්ශවයකට පමණක් ආර්ථික යුක්තිය ඉටුකිරීමට ගත් තීන්දුව නිසා මේ වන විට සමස්ත සෞඛ්‍ය වෘත්තිකයන් දැඩි නොසන්සුන්තාවයට පත්කර ඇත.

ඒ අනුව පසුගිය 9 වෙනිදා පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පැය 24 වර්ජනයක් , අතුරු වෛද්‍ය ඒකාබද්ධ පෙරමුණ සහ හෙද සංගම් 10 වෙනිදා උදේ 8 සිට පැය 48 වර්ජනයක් මෙන්ම අනෙකුත් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 11 වෙනිදා උදේ 8 සිට පැය 24 ක වර්ජනයකුත් වශයෙන් අදියර තුනකින් වර්ජන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලදී.

එසේම මේ සියලු වෘත්තීය සංගම් 12 වෙනිදා (අද) රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණාත්මක තීන්දුව ගැනීමට නියමිතව ඇත.

එම නිසා මේ අවස්ථාවේදී මෙම ගැටළුව පිළිබඳව කඩිනම් අවධානය යොමු කර ජනාධිපතිවරයා විසින් මේ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ටද ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුම බව අවධාරණය කර සිටි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments