25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්කෙහෙළියට යළිත් විශ්වාසභංගයක් ගේනවා- පා.ම. තුෂාර ඉඳුනිල්

කෙහෙළියට යළිත් විශ්වාසභංගයක් ගේනවා- පා.ම. තුෂාර ඉඳුනිල්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහි නැවත විශ්වාසභංගයක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල බේරාගත් කණ්ඩායමට මේවර ඡන්දයේදී හදවතක් තිබෙනවාද නැද්ද කියන කාරණය පිළිබඳවද බලාගැනීමට හැකි බවත් තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කළේය.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව විශ්වාසභංගයක් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රටේ විවිධ පාර්ශ්ව සහ සිවිල් සංවිධාන සමගි ජන බලවේගයෙන් ඉල්ලීම් කරන බවද ඒ මහතා හෙතෙම කීය.

අද (12) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවැසු අතර මෙම මාධ්‍ය හමුවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාද සහභාගි විය.

වැඩිදුරටත් අදහස් දක්වමින් තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා පැවසුවේ ඉතිහාසයේ නිර්මාණය වීමට තිබෙන විශාලතම සන්ධානය ඉදිරියේදී නිර්මාණය වන බවත් සමගි ජන සන්ධානයට එකතුවීමට විවිධ පුද්ගලයින් සහ දේශපාලන කණ්ඩායම් සිටින බවත් ඒ වගේම පෞද්ගලිකව ස්වාධීනවී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන සමගි ජන බලවේගය සමඟ එකතු වුණ කණ්ඩායම්ද සිටින බවත්ය.

දිනෙන් දින සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ කණ්ඩායම ශක්තිමත් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා බවත් ඊළඟ ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම ජයග්‍රහනය කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා පැවැසීය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ එස් එම් මරික්කාර් මහතා පැවසුවේ රටේ අනාගතය විනාශ කළ කූර ආණ්ඩුවට විරුද්ධව ජනාවාරි 30 වැනිදා ජනතාව සමඟ පාරට බසින බවත් ආණ්ඩුවට විරුද්ධව රට පුරා ජනතාව පෙළගස්වන බවත් මැතිවරණය ජයගෙන කූර ආණ්ඩුව පන්නා දමන බවත්ය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ තුෂාර ඉඳුනිල් මහතා මෙසේද පැවැසීය.

‘‘2024 වසර මැතිවරණ වර්ශයක්. විකෘර්ති පාර්ලිමේන්තුව ප්‍රකෘර්ති පාර්ලිමේන්තුවක් බවට පත් කරන්න මහ මැතිවරණයත් සහ ජනාධිපතිවරණයත් නියමිත කාලයේදී පැවැත්වෙයි කියලා සමගි ජන බලවේගය විශ්වාස කරනවා.

ජනාධිපතිවරණයට අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙන බවත් අනිවාර්යෙන් ඔහු ජනාධිපතිවන බවත් සමගි ජන බලවේගයේ ඡන්ද කැඩිලා යන බවත් ඇමැති හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කරලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙත් නෑ. රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය ජයගන්නෙත් නැ කියලා සමගි ජන බලවේගයේ අපිට විශ්වාසයි.

සමගි ජන බලවේගය රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න සමගි ජන බලවේගයේ ඡන්ද සියල්ල ලබාදෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පසුගිය දිනවල ප්‍රකාශ කළා. නමුත් තවම සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්න ගියේ නෑ. සමගි ජන බලවේගයට දක්ෂ නායකයෙක් ඉන්නවා. ඔහු තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාසගේ නායකත්වය වටා දවසින් දවස විශාල පිරිසක් එකතු වෙනවා.

ඉතිහාසයේ නිර්මාණය වීමට තිබෙන විශාලතම සන්ධානය ඉදිරියේදී නිර්මාණය වෙනවා. සමගි ජන සන්ධානයට එකතුවෙන විවිධ පුද්ගලයින් සහ දේශපාලන කණ්ඩායම් සිටිනවා. ඒ වගේම පෞද්ගලිකව ස්වාධීනවෙලා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අරගෙන සමගි ජන බලවේගය සමඟ එකතු වුණ කණ්ඩායම්ද ඉන්නවා. දවසින් දවස සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ කණ්ඩායම ශක්තිමත් වෙනවා. සජිත් ප්‍රේමදාස තමයි සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා. ඒවගේම ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති වීමටත් සජිත් ප්‍රේමදාස සූදානම්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments