ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා නොහොත් බබී නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු අයිස් ,හෙරෝයින් සහ ජීව උණ්ඩ සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට
ගෙන තිබේ.
වැඩ බලන පොලිස්පතිගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සදහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීමෙන් සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ඩබ්.ඒ.එම්. ගයන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14 ) කිරුළපන පොලිස් වසමේ එඬේරමුල්ල සෙන් ජූඩ් මාවතෙන් විජයකුමාරතුංග මාවතට හැරෙන හංදිය අසල දී වැටලීමක් සිදුකර ඇත ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑමි 357, මිලි ග්‍රෑම් 800 ක්, හෙරොයින් ග්‍රෑමි 50, මිලි ග්‍රෑම් 300 ක්, 9X9 mm වර්ගයේ උණ්ඩ 37 ක් හා විද්‍යුත් තරාදි 03 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියක් මගින් ගමන් කරමින් සිටි කිරුළපන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.
තවද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සහ මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ කළුදුර දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා නොහොත් බබී යන අයවළුන් සමග ජාලගතවෙමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට අනාවරණය විය.
කුඩාඔය කුකුල්කොටුව රක්ෂිතයේ ඉතා සුක්ෂමව මහා පරිමානයෙන් අක්කර 03 ½ කට අධික භූමි ප්‍රදේශයක් පුරා වගාකර තිබූ ගංජා වගාවක් ඩ්‍රොන කැමරා තාක්ෂණයෙන් විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මොණරාගල කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අශෝක මහතාගේ මගපෙන්වීමෙන් බුත්තල කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටි.එම්.සි. ජනිත් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) කුඩාඔය පොලිස් වසමේ කුකුල්කොටුව රක්ෂිත ප්‍රදේශයේ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අක්කර 03 ½ කට අධික භූමි ප්‍රමාණයක වගා කරන ලද අඩි 08 ක් පමණ උස ගංජා ගස් 230,600 සහිත ගංජා වගාවන් 02 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා ගස් 20 කුඩාඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් සියල්ල ගිනිතබා විනාශකර ඇත.
නීති විරෝධී PREGAB (ප්‍රීගැබ්) වර්ගයේ මත්කරල් 10500ක් සන්තකයේ තබාගෙන සිටි අලෙවි කිරීමට සුදානම් ව සිටි තලෛයිමන්නාරම පුද්ගලයෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය උතුරු පලාත් විශේෂ වැටලිම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රොයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය උතුරු පලාත් විශේෂ වැටලිම් ඒකකයේ උප පොලිස් පරික්ෂක එම්.ඩී. සඳරුවන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13 ) තලෛමන්නාරම පොලිස් වසමේ පරණ පාලම අසල කැළෑබද ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී PREGAB වර්ගයේ මත් කරල් 10,500 ක් අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි තලෛමන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සදහා තලෛමන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කයිට්ස් නයිනතිව් දුපතේ ජාවාරම් කිරීමට සූදානමි කර තිබූ කෝටි පහකට ආසන්න වටිනාකමින් යුතු කේරළ ගංජා සමග පුද්ගලයෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රොයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක පි.එචි.ඩි.සි. කුමාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) කයිට්ස් පොලිස් වසමේ නයිනතිව් දූපතේ, සුදුවැලි මුහුදු තීරයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කේරළ ගංජා කිලෝ ග්‍රෑමි 21, ග්‍රෑමි 105 ක් සන්තකයේ තබාගෙන අලෙවි කිරීමට සූදානම්ව සිටි නයිනතිව් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සදහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා වල දල වටිනාකම රුපියල් කෝටි පහක් පමණ වේ.

