ඉතා සූක්ෂමව උඩවලව ජාතික වන උද්‍යානයේ වගාකර තිබූ ගංජා හේන් 04 ක් විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩ බලන පොලිස්පති ගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සදහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව යුක්තිය මෙහෙයුම අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විහම්බන්තොට කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී එච්.යු. නිශාන්ත ද සිල්වා මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ මගපෙන්වීමෙන් උඩවලව කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.පී.ආර්. අල්විස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18)හම්බෙගමුව පොලිස් වසමේ උඩවලව ජාතික වන උද්‍යානය කුබුකේපැලැස්ස ප්‍රදේශයේ දී වැටලීම් 04 ක් සිදුකර ඇත.
එහි දී අක්කර 02 ½ ක පමණ භුමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා ගස් 50,000 කට ආසන්න ප්‍රමාණයකින් යුත් ගංජා හේන් 04 ක් අත්අඩංගුවට ගෙන සාම්පල් වශයෙන් ගංජා ගස් 40 ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බෙගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් සියල්ල ගිණි තබා විනාශ කර ඇත.
අලෙවි කිරීමේ අරමුණින් ගැටගසා තිබූ සංරක්ෂිත සත්වයෙකු වන දුර්ලභ ගනයේ කැස්බෑවන් තිදෙනෙකු යාපනය වාලමිපුරම් කලපුවේදී විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ බුද්ධි අංශ නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පේරේරා මහතාගේ අධීක්ෂණයෙන් යාපනය කදවුරේ අණදෙන නිළධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18 ) යාපනය පොලිස් වසමේ වාලමිපුරම් කලපුවේදී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අලෙවි කිරීමේ අරමුණින් ගැටගසා තිබූ සංරක්ෂිත දුර්ලභ ගනයේ සත්වයෙකු වන කිරි කැස්බෑවන් තිදෙනෙකු යාපනය පොලිස් වසමේ වාලමිපුරම් කලපුවේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා යාපනය ධෟවර හා ජළජ සම්පත් දෙපාර්තමේන්තු කර්යාලය වෙත භාර දී ඇත.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ අරමුණින් නවීන පිස්තෝලයක් රැගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර කුලරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය සංග්‍රාමික සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ නිළධාරීන් (18)අම්බලන්තොඩ පොලිස් වසමේ අම්බලන්ගොඩ නගරයේදී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අම්බලන්ගොඩ ප්‍රදේශයේ මාලු ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ අරමුණින් නවීන පන්නයේ පිස්තෝලයක් රැගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යුධහමුදා මුලස්තානයට අනුයුක්ත සක්‍රීය සේවයේ යෙදී සිටින යුධහමුදා සෙබලෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඉතා සුක්ෂමව වගාකර තිබූ ගංජා වගාවක් බුත්තල විශේෂ කර්ය බලකාය කදවුරේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මොණරාගල කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අශෝක මහතාගේ මගපෙන්වීමෙන් බුත්තල කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ටි.එම්.සි. ජනිත් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) තණමල්විල පොලිස් වසමේ කහකුරුල්ලන පැලැස්ස H.K.T වැව ආසන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී සුක්ෂමව වගාකර තිබු උස අඩි 02 ක් පමණ වූ ගංජා ගස් 1,760 ක් සහිත ගංජා හේනක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා ගස් තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් සියල්ල ගිනිතබා විනාශකර ඇත.
කොරතොට, කඩුවෙල ප්‍රදේශයේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා පැහැරගෙන ගොස් වෙඩි තැබීමට භාවිතා කල යතුරු පැදියේ ලියා පදිංචි අංකයට අදාල හිමිකරු සහ එම යතුරු පැදිය උකසට ගෙන භාවිතා කරන ලද පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ගයාන් ගුණසෝම ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) කඩවත පොලිස් වසමේ අංක 264/2, දළුපිටිය, කඩවත දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
එහි දී ඉකුත්(10 ) නවගමුව පොලිස් වසමේ අංක 55/54/01, ගලබඩවත්ත, කොරතොට, කඩුවෙල යන ලිපිනයේ පදිංචි පීරිස් විතානගේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා යන පුද්ගලයා පැහැරගෙන ගොස් ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යොදාගන්නා ලද යතුරු පැදියේ ලියා පදිංචි අංකයට අදාල විස්තර වාර්ථාවට අනුව එම අංකයට අදාල හිමිකරු සහ එම යතුරු පැදිය උකසට ගෙන භාවිතා කරන ලද දෙවොලපොළ සහ කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් සහ 45 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
