සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධතා පැවැත් වූ විශේෂ බලකායට අනුයුක්තව සිට වර්ථානයේ 07 GLI රෙජිමේන්තුවට අනුයුක්තව සක්‍රීය සේවයේ යෙදී සිටින යුද හමුදා සෙබලෙකු ( 21) බලපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා මනුස්ස ඝාතනයක් සිදු කිරීමට අදාළව හා (18) බලපිටිය ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා සැලසුම් කිරීමට අදාලව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය උතුරු පලාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රොයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පේරේරා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය උතුරු පලාත් විශේෂ වැටලිම් ඒකකයේ පොලිස් පරික්ෂක ජේ.ඒ.ජී.එම්. ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) කහතුඩුව පොලිස් වසමේ උස්වත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 18, මිලි ග්‍රැම් 470 ක් හා යුධ හමුදා නිල ඇඳුමි කොටස් හා නිල ඇඳුමි ආයිත්තමි සන්තකයේ තබාගෙන සිටි කහතුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක සක්‍රීය සේවයේ යෙදී සිටින යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන වලදි මෙම සැකකරු (21) කොස්ගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කල විජිත් මහේන්ද්‍රද සිල්වා නොහොත් රන් මල්ලී යන පුද්ගලයා ඝාතනය කිරීමේ වෙඩ්ක්කරු ලෙස කටයුතු කර ඇති බවටත්, (18 ) බලපිටිය ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට යාමේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ යුද හමුදා සේවයේ යෙදී සිටින සනත් යන පුද්ගලයා මෙහෙය වූ, විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ලොකු පැටී යන අයගේ ද මෙරට සංවිධානාත්මක අපරාධ කටයුතු මෙහෙයවන ආධාරකරුවෙකු බවටත් අනාවරණය වී ඇත. ඉදිරි විමර්ශන කටයුතු සදහා මෙම සැකකරු කහතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.