ප්‍රවීණ සිනමාවේදී සුනිල් ප්‍රේමරත්න විසින් ඔහුගේ පස්වන සිනමා නිර්මාණය ලෙසින් ” අමුතු ගුරුකමක් ” චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දා , එම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන් , කාර්මික ශිල්පීන් සහ ආරාධිතයින් පිරිසක් මධ්‍යයේ ඉතාමත් චාම් අන්දමින් පවත්වනු ලැබීය . හාස්‍යයෝත්පාදක හා කුතුහලය මුසුවූ මෙම සිනමා පටයේ , කුමාර තිරිමාදුර , සරත් කොතලාවල , ප්‍රියන්ත සෙනෙවිරත්න , මිහිර සිරිතිලක , ධර්මප්‍රිය ඩයස් , දුලීකා මාරපන , ජයනි සේනානායක , නිරෝශා තලගල , ඉසුරු ලොකුහෙට්ටිආරච්චි , සමන් හේමරතන , කාංචනා ඛාන් , නදීකා ප්‍රශාන්ති , රෂ්මික ලක්ෂාන් සහ තත්සරණි පියුමිකා ඇතුළු ප්‍රවීණ හා නව පරපුරේ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන අතර , සංගීත අධ්‍යක්ෂණයෙන් අශාන් ප්‍රනාන්දු , සංස්කරණයෙන් ශාන් අල්විස් , කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක ඩී බණ්ඩාර , සහය අධ්‍යක්ෂණයෙන් නලින්ද උදයසිරි , අංග රචනයෙන් තාරක අධිකාරි , කලා අධ්‍යක්ෂණයෙන් උපාලි උදයසිරි ද , නිශ්චල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවආරච්චි සහ නිෂ්පාදන කළමණාකරණයෙන් සුසන්ත ඩයස් අභයසිංහ ඇතුළු පිරිසක් මේ සඳහා එක්වී ඇත . අධ්‍යක්ෂවරයාගේ කතා සංකල්පයක් මත , ශ්‍රි ලංකා තිර රචකයන්ගේ සංසදය විසින් රචිත තිර රචනය පදනම් කරගෙන නිර්මාණය වන ” අමුතු ගුරුකමක් ” චිත්‍රපටය එස්.3 මූවී ක්‍රියේෂන් නිෂ්පාදනයකි .

ඇන්ටන් ජේ . ප්‍රනාන්දු.