21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්‘සිකුරා වේදාකාවට ගෙනා සරත් දික්කුඹුර මෙවර ‘කතරගම ප්‍රේමා‘ වේදිකාවට ගෙන එයි.

‘සිකුරා වේදාකාවට ගෙනා සරත් දික්කුඹුර මෙවර ‘කතරගම ප්‍රේමා‘ වේදිකාවට ගෙන එයි.

මෙරට කාන්තාවකට සිදුවු අනුවේදනීය පුවතක් රැගත් කතරගම මනම්පේරි පුවත 1971 දි සිදුවු කරැල්ල සමයේ සිදුවු සිද්ධියකී. මෙම කතා පුවත සිනමාවට ගෙන ඒමට ගත් උත්සහයන්ද මේවනවිට ව්‍යාර්ථවී ගොස් තිබේ. මෙවැනි පසුබිමක පනස් වසරකට අධික කාලයක් ගතවි තිබෙන මෙම කතා පුවත අනුසාරයෙන් සරත් දික්කුඹුර නිර්මාණය කරන ‘කතරගම ප්‍රේමා‘ වේදිකා නාට්‍යය ලබන (16) මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ සවස 3.30 හා 6.30 ට වේදිකාගත කෙරේ.

මේ කතරගම ප්‍රේමවති මනම්පේරි තරුණිය එදා මුහුණදුන් අවසනාවනත් සිදුවීම පිළිබඳ විචාරක මතය වී තිබෙන්නේ එදා මනම්පේරි නැගු මහා විලාපය අදටත් වර්තමාන කාන්තා පරපුර තුලද රැව් පිළිරැව් දෙන බවය. මෙම කතාපුවත ඔස්සේ විරැකියාව , භීෂණය, නිරන්තරයෙන් අසාධාරණයට ලක්වෙන පහල පන්තිය, කාන්තාවක් නිසා අත්විඳින්නට සිදුවන ගැහැට හා අවසානයේ මරණය දක්වා දිවෙයි. සමාජයේ නොයෙකුත් පැතිකඩ පිළිබඳ විමර් ශන යෙදෙන මෙම කතා පුවත ඒ නිසාම සැමදා යාවත් කාලීන වෙමින් පවතින බව විද්වත් මතයයි.

මෙම නාට්‍ය නිර්මාණය කිරීමට තමන්ට අදහසක් ඇතිවූයේ වර්තමානයේ රටේ පවතින දේශපාලන, සමාජ ආර්ථික පසුබිම වගේම තරුණ්‍යෙයේ ගැටලු බව සරත් දික්කුඹුර මහතා TOP NEWS ASIA නිව්ස් වෙබ් අඩවිය සමග කතා බහට එක්වෙමින් පැවසීය. මෙම වේදිකා නාට්‍යයේ නිෂ්පාදක ප්‍රේමදාස ජයකොඩි මහතා අදහස් දක්වමින් වසර විසිපහක් පමණ පසුව තමයි මම නාට්‍යක් නිෂ්පාදනය කරන්න සිතුවේ මේ ගැන කල්පනා කරමින් සිටින අතර තමයි සරත් දික්කුඹුර මහතා මේ කතා පිටපත මට ඉදිරිපත් කළේ. මේ කතා පුවත කාලෝචිතයි. අපි විදෙස්ගතවි සිටියත් නිතරම අපේ මව්බිම පිළිබඳ අවධානයෙන් සිටින්නේ අපට ඇසෙන පුවත් ගැන බලනවිට මේ කතාව කාලීනයි. ෂේක්ස්පියර් කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ඔබිනාමුණි ගාමිණි ද සිල්වා මහතා කියා සිටියේ කතරගම ප්‍රේමවතී මනම්පේරි කතා පුවත තුල සමාජ අරගලයක් පිළිබිඹු වෙනවා. එව අරගලය තවම නිමාවි නෑ. එවැනි සිදුවීම විවිධ අයුරින් අපේ සමාජය තුල සිදුවෙමින් පවතිනවා. කලාශිල්පිණි කුමාරි මුණසිංහ මහත්මිය අප හා එක්වෙමින් කියා සිටියේ කතරගම මනම්පේරිගේ අම්මට දරුවෙක් නැතිවුණා. ඒ ආකාරයට අපි දැනුවත්ව හෝ නොදැනුවත් අම්මලා කී දෙනකුට දරුවන් මේ ආකාරයට අසාධාරණ ලෙස දරුවන් අහිමිවි ඇද්ද. මරණය අපට විවිධ අයුරින් ළං වෙන්න පුළුවන් නමුත් මේ ආකාරයට තමන් නොසිතු ලෙස අවසනාවන්ත ලෙස කාන්තාවන් කීදෙනකුට මේ මරණය අත්විඳින් සිදුවි ඇද්ද . මේ ආකාරයට දරුවන් අහමිවු අම්මලාගේ සිතේ ඇතිවුණු ගින්දර තමයි මම නියෝජනය කරන්නේ මේ සිදුවීම පැරැණි වුණාට කතාව අදටත් කාලීනයි.

රංඟන ශිල්පි යශ් වීරසිංහ මේ පිළිබඳ කියා සිටියේ වත්මන් පරපුරේ ත් කතරගම ප්‍රේමලා සිටිනවා. ඒ නිසා සියලුම කාන්තාවන්ට ආමන්ත්‍රණය කරන කාලෝචිත කතාවක් ලෙස මම මේ කතා පුවත දකිනවා.

කතරගම ප්‍රේමා වේදිකා නාට්‍යයේ ප්‍රේමවතී චරිතය රඟ දක්වන ශාලිකා එදිරිසිංහ මෙම කතා පුවත පිළිබඳ අපිට කියා සිටියේ…ප්‍රේමවතීගේ චරිතය රඟපාන් ලැබීම සතුටක් ඇය තම චරිතය ගැන අභිමානවත් අයුරින් සිතු උගත් කාන්තාවක් මෙවැනි චරිතයක් රඟ දක්වමින් නව පරපුරට යම් රසවින්දනයක් සමග පණිඩුඩයක් ලබාදෙන්න හැකිවෙයි කියලා මම කල්පනා කරනවා කාන්තාවන් බුද්ධිමත්ව, කාර්යක්ෂමව, ස්ථානෝචිතව කටයුතු කරන්න මැලි විය යුතු නෑ.

ලබන (16) වේදිකාගත කෙරෙන කතරගම ප්‍රේමා සරත් දික්කුඹුරගේ අධ්‍යක්ෂණයක්, ප්‍රේමදාස ජයකොඩිගේ නිෂ්පාදනයක්.
මෙහි රඟපෑම් ක්ලීටස් මෙන්ඩිස්, සරත් දික්කුඹුර, ශාලිකා එදිරිසිංහ, යශ් වීරසිංහ, අජිත් ලොකුගේ, කුමාරි මුණසිංහ, දොන් ගයි, මලීෂා බන්ඩාර, සුනිල් අබේරත්න ඇතුළු නළුනිළි පිරිසකගෙන් වෙතී.
මෙහි සංගීත අධ්‍යක්ෂණය විජේසුන්දර වේරගොඩ, වේෂනිරුපණය හා පසුතල නිර්මාණය සිරිනාථ වික්‍රමසිංහ. ගීපද රචනා සුසන්ත දන්දෙණිය, මංගලා දිසානායක, චන්ද්‍රරත්න මාපිටිගමගෙනි.

සටහන- අනුර ප්‍රේමලාල්, ඡායාරූප – තුෂාර ප්‍රනානාදු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments