අද (12) සහ හෙට (13) දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ප්‍රධාන දුම්රිය මාර්ගය, මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුලු සියලු දුම්රිය මාර්ග ආවරණය වන පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවය.
ලබන සඳුදා දිනයේ සිට සියලු කාර්යාල දුම්රියන් ධාවනය සඳහා යෙදවීමට පියවර ගන්නා බව ද ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
“සති අන්තයේ සීමිත දුම්රිය ප්‍රමාණයක් ධාවනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර, මහනුවර සිට එක් දුම්රියක්, රඹුක්කන සිට එක් දුම්රියක්, පොල්ගහවෙල සිට එක් දුම්රියක්, උතුරු මාර්ගයේ මහව සිට එක් දුම්රියක්, පුත්තලම් මාර්ගයේ හලාවත සිට දුම්රිය දෙකක්, කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට එක් දුම්රියක් හා මුහුදුබඩ මාර්ගයේ ගාල්ලේ සිට දුම්රියකුත් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. එම දුම්රියන් නැවත සවස්වරුවේ නැවත එම ගමනාන්ත වෙත යොමුකිරීමටත් අවශ්‍ය සැලසුම් සකස් කර අවසන්. “