25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා දුම්වැටි ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය හා දුම්වැටි ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දිනේෂ් වසන්තගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන වයස අවුරුදු 17ක සහ වයස අවුරුදු 26 ක තරුණියන් දෙදෙනකු හා පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් හා මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරීක්ෂක පි.ජි.එස්.පි. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගම්පහ පොලිස් වසම් බටපොත ප්‍රදේශයේ දී වැටලීම් සිදුකර ඇත.

එහි දී දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කදමුල්ල ආරචිචිගේ දිනේෂ් වසන්ත නැමති අය සමග සම්බන්ධතා පවත්වමින් දිගු කලෙක පටන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරණු ලැබු ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50, මිලි ග්‍රෑම් 300 ක්, විද්‍යුත් තාරාදියක් හා යතුරු පැදියක් සමගද මාදෙල්ගමුව, බටපොත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක් වන තරුනියක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 560 ක් සමග හා එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 26 කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03, මිලි ග්‍රෑම් 270 ක්, ජාවාරම්න් ලබාගත් මුදල් රුපියල් 5,200 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වනු ලැබු නීති විරෝධී දුම්වැටි ජාවාරමේ යෙදුනු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවටවිශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එම්.එම්.කේ. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) දඹුල්ල පොලිස් වසමේ කණ්ඩලම් පාර, දඹුල්ල ලිපිනයේ පිහිටි නෙළුම්පත හෝටලයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද PALL MALL (පොල් මෝල්) වර්ගයේ දුම්වැටි 400 සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදුනු බලන්ගොඩ, වැලිගෙපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දඹුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

යාල රක්ෂිතය තුල ඉතා සූක්ෂම ලෙස ගංජා අක්කර එකහමාරක් වගාකල පුද්ගලයින් සිව් දෙනෙකු ගිනි අවිද සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

ප්‍රාදේශීය අනදෙන නිළධාරි සහකාර පොලිස් අධිකාරී අසිත රණසූරිය මහතාගේ අධික්ෂණය යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ කුඩා කණ්ඩායමේ උප පොලිස් පරීක්ෂක ආර්.යු. සේනදාස ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19 ) කතරගම පොලිස් වසමේ යාල රක්ෂිතයේ වෙහෙරගල ප්‍රදේශයේ දී වැටලීම් 02 ක් සිදුකර ඇත.

මෙහිදි නීති විරෝධී ලෙස අක්කර 01 ½ ක පමණ භූමි ප්‍රමාණයක ගංජා ගස් 143,000 ක් පමණ වගාකර තිබු ගංජා හේන් 02 ක් සහ මෙරට නිෂ්පාදිත තුවක්කු 02 ක් සමඟ මිද්දෙනිය හා ජූලම්පිටිය යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ගංජා ගස් සියල්ල ගිණිතබා විනාශ කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments