26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පසුගිය දින කිහිපයේ ඇතිවූ වර් ෂාව හා තද සුළං නිසා දිස්ත්‍රික්කයේ 20...

පසුගිය දින කිහිපයේ ඇතිවූ වර් ෂාව හා තද සුළං නිසා දිස්ත්‍රික්කයේ 20 ක ප්‍රාෙද්ශීය ලේකම් කොට්ටාශ 212 ක පුදගලයින් 55406 ක්‌ පිඩාවට පත්වෙලා කියලා තොරතුරු ලැබිලා තියෙනවා.

කොළඹ වික්‍රමපාල

මෙම කරුණු ආනාවරණය වූයේ (27) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයයේ
රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැත්වූ මාධ්‍ය හමුවේදීය එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය…..

තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම නිසා මරණ හතක් වාර්තා වෙනවා. මෝසම් වර්ෂාව සැප්තැම්බර් වෙනකම් පවතින බවට කළගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුවත් කරලා තිබෙනවා

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පොලිසිය හමුදාව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු පීරිස් අපදා කළමනාකරණ මද්‍යස්ථානය මේ පිළිබද දැනුවත් කර අවධානයෙන් පසුවෙනවා

කොළබ ගස් කඩා වැටීම් පිළිබද අද විශේෂ සාකච්චාවක් පැවැත් වුණා.

කොළඹ අදි අවදානම් ගස් ඉවත් කිරීමට විශේෂ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාගල රත්නායක මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැති සාකච්ඡාවක් අනුව හමුදාව සිවිල් ආරක්ෂක නිලධාරීන් කොළඹ නගර සභාව එක්ව අවදානම් ගස් ඉවත් කරන්නත් අවදානම් අතු ඉවත් කරන්නත් කටයුතු කරන්න අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

ඉවත් කිරීමට යෝජිත ගස් වෙනුවට ආදේශකයක් ලෙස නගරයට ගැලපෙන මාර්ගයට ජනතාවට අවහිරයක් නොවන ගස් සිටවන්න තීරණය කෙරුණා මාධ්‍ය ආයතන වලින් අපි ඉල්ලා සිටිනවා අපි ලබා දෙන තොරතුරු නිවැරදිව ලබා දෙන්න කියලා අපි එක ස්ථානයකින් නිවැරදි තොරතුරු ලබා දෙනවා එම නිසා නිවැරදි තොරතුරු ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා

කෑගල්ල පහල කඩුගන්නාව ප්‍රදේශයේ ගල් පෙරලිමේ අවදානම් ස්ථාන කිහිපයක් හදුනාගෙන තිබෙනවා එම ස්ථාන වල ගල් ඉවත් කිරීමට කටයුතු කරනවා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට අනුව අවශ්‍ය කණ්ඩායම් එක්ව මේ ගල් ඉවත් කිරීමට කටයුතු කරනවා ජනතාවට අවම අපහසුතාවයක් ඇතිවන ආකාරයෙන් මේ ගල් ඉවත් කිරීමට කටයුතු කරනවා

අවට මාර්ග සුළු වෙලාවක් වසා දැමීමට සිදුවෙන්න පුළුවන් ඒ පිළිබද පෙර දැනුවත් කිරීමක් සිදු කරනවා

විහාරමහා දේවි උද්‍යානයේ ගස් 20 පමණ වැටිලා තිබෙනවා ඒ ගස් වල මුල් පිළිබද විද්‍යාත්මක පරීක්ෂණ කිරීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට අවශ්‍ය උපකරණ ලබා දීමටත් කටයුතු කරනවා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments