21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්සැරයන් චරිත් කුලතිලකගේ ‘සඳහිරු සෑය‘ වෙනුවෙන් ගයානා කළ බැතිමත් ගීතය ඇතුළත් සංයුක්ත...

සැරයන් චරිත් කුලතිලකගේ ‘සඳහිරු සෑය‘ වෙනුවෙන් ගයානා කළ බැතිමත් ගීතය ඇතුළත් සංයුක්ත තැටිය නිකුත් කෙරේ.

වසර තිහක් අපේ මාතෘභූමිය මුහුණ දුන් ඒ බිහිසුණු යුද්ධය අපේ මතකයන් තුලින් කිසිදා අමතක නොවනු ඇත. එම බිහිසුණු විනාශකාරි යුද්ධයෙන් අපේ මව්බිම බේරා ගැනීමට මේ රටේ පුදකළ ජීවිත කොපමණද විනාශවු දේපොල කොපමණද කිසිවෙකුට නිවැරැදිව කිව නොහැකිය.

එම භයංකාර යුද්ධයෙන් අපේ මව්රට බේරාගැනීමට මෙරට රණවිරුවන් සිදුකළ අනුපමේය කැපවීම ඓතිහාසික වනු ඇත. එහිදි තම දෙනෙත් හා අතක් මව්රට වෙනුවෙන් පූජා කළ රණවිරුවන් අතර තවත් සුවිශේෂි චරිතයක් වන සැරයන් චරිත් කුලතිලක සිය ආබාධිත තත්ත්වය පසෙකලා තම කලා කුසලතාවයන් ඔප නංවාගෙන ඉදිරියට යන ගමන සියලු දෙනාට ගෙන එන්නේ කදිම ආදර්ශයකී. මේ ධෛර්ය වන්ත මිනිසාගේ කලා හැකියාවන් දකින මහචාර්ය සාගර කරුණාතිලක හා එම මැතිණිය ඔහුට සිය ගායන හැකියාවන්තුලින් ඉදිරියට යෑමට සිය සහෝදරාත්මක දෑත් දිගු කරමින් අනුග්‍රහකත්වය ලබාදෙමින් සිටිති.

සැරයන් චරිත් කුලතිලක පවසන්නේ තම කලාකුසලතා නංවාගැනීමට පණ්ඩිත් අමරදේවයන් ලබාදුන් ගුරුහරුකම් සැමදා ඉතා ගෞරවයෙන් සිහිපත් කරන බවයි. එමෙන්ම වෛද්‍ය මහචාර් ය සාගර කරුණාතිලක මහතා එම මහත්මිය ලබාදෙන සහයෝගය අදවැනි දවසක ඉතාම අනර්ඝ බව පින්සිදුවන කාර් යක් සේ සිහිපත් කරයි.

මෙහිදි යුද විජයග්‍රහණය වෙනුවෙන් ඉදිකෙරුණු ‘සඳහිරු සෑය‘ වෙනුවෙන් සැරයන් චරිත් කුලතිලක ගායනා කරන සුවිශේෂි බැති ගීය එළි දැක්වීම ඉකුත්(21) මාලබේදී සිදුකෙරිණි. මෙම ගීපද ලියා ඇත්තේ කිතුණු බැතිමතෙක්වන ආචාර්ය නිශාන්ත දර්ශන ජාසිංහ වීම තවත් සුවිශේෂි කරුණකී. මෙහි සංගීතය විශාරද සමන්ත පෙරේරාගෙනි.

මෙම උත්සවයේදී හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, චරිත් බිම්බෝම්බයකට අසුවි එම බිහිසුණු අත්දැකීමට මුහුණදුන් අවස්ථාවේදී වෛද්‍ය උපකාර කළ විශේෂඥ වෛද්‍ය ගාමිණි ගුණතිලක , මේ සුවිශේෂි මනුස්සයාව පුනරුත්ථාපනය කිරීම සඳහා මානුෂීයව කටයුතු කළ කර්නල් කණිෂ්ක බණ්ඩාර හා කර්නල් සුදර්ශන ගුණසේකර , කලා ශිල්පි සම්පත් ශ්‍රී සෙනෙවිරත්න යන මහත්වරුන් මේ සියලු දේ චරිත්ට කරගෙන යෑමට උදව් උපකාර කරන මහචාර් ය සාගර කරුණාතිලක මහතාද චරිත් ගැන කතා කළහ.

අනුර ප්‍රේමලාල්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments