29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPරුසියාවේ යුද්ධයට සෙබළුන් යැවීමේ ජාවාරම ගැන පැමිණිළි 451ක්. ඒ ගැන පැමිණිලි කිරීමට...

රුසියාවේ යුද්ධයට සෙබළුන් යැවීමේ ජාවාරම ගැන පැමිණිළි 451ක්. ඒ ගැන පැමිණිලි කිරීමට HOT අංකයක්.0112441146

කොළඹ වික්‍රමපාල

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආපදා කළමනාකාරන මධ්‍යස්ථානය මාධ්‍ය හමුව 

දැනට පවතින තත්ත්වයට මුහුණ දීමත් ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් වලට මුහුණ දෙන ආකාරයත් පිළිබඳ අපි සියලු දිස්ත්‍රික්ක දිසාපතිවරුන් පළාත් පාලන කොමසාරිස්වරුන් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් දවසංස්ථා පරිසරා අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු විවිධාංශ නියෝජනය කරමින් සාකච්ඡාවක් අද දින පැවැත්තුවා
අපි දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කළා සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් කමිටු යාවත්කාලීන කරලා ක්‍රියාත්මක කරන්න කියලා .

ප්‍රදේශයේ පවතින තත්ත්වය ඇගයීමකට ලක් කරන්නත් ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නත් කිව්වා .
සියලුම පාසල් සඳහා ජාතික පාසල් සහ අනෙකුත් පාසල් සියල්ලම දහදාස් එකසිය විසිහයේම අවදානම් තත්ත්වය පිළිබඳව තක්සේරුවක් ඉදිරිපත් කරන්නත් දරුවන්ගේ සුරක්ෂිතතාවය පිළිබඳව කටයුතු කරන්නත් අපි උපදෙස් දුන්නා .
සුරකිමු පාසල් සුරක්ෂා වැඩසටහන පිළිබඳ දැනුවත් කළා අධ්‍යාපන ඇමතිතුමා සහ පරිසර ඇමතිතුමිය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ලා පළාත් අධ්‍යාපන ලේකම්තුමන් සමග සාකච්ඡා කරලා කරලා පාසල් පද්ධතිය පාසල දරුවන්ට ආරක්ෂා සහිත භූමියක් බවට පත් කිරීම අපේ යුතුකම වගකීම .

සියලු පාසල් දරුවන්ට ආරක්ෂා සහිත භූමියක් බවට පත් කරන්න කටයුතු කරනවා .

රුසියානු ප්‍රශ්නය පිළිබඳව විවිධ පුද්ගලයන් විවිධ තොරතුරු ලබාදෙනවා ආරක්ෂක අමාත්‍යාංශය මගින් මේ තොරතුරු පැමිණිලි කරන්න hotline එකක් දුන්නා 0112441146 දුරකථනය මගින් පැමිණිල්ල ලබාදෙන්න කිව්වා .පැමිණිලි 451 මේ වන විට ලැබිලා තිබෙනවා පොලිසිය මගින් 301 දෙනෙකුගේ කට උත්තර ලබාගෙන තිබෙනවා .රජය ගන්න පුළුවන් සියලු උත්සාහයන් ගන්නවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තාරක බාලසූරිය අමාත්‍යවරයා ඇතුළු පිරිසකට මේ රුසියානු රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මෙය ඉටුකරගන්න කටයුතු කරගෙන යනවා .
සමහරු මේ රුසියානු ප්‍රශ්නය දේශපාලනීකරණය කරගෙන තිබෙනවා සමහර විනෝද චාරිකා යන්නත් බලාපොරොත්තු වෙලා ඉන්නවා .රාජතාන්ත්‍රිකව අපි මේ කටයුතු කරගෙන යනවා මේ පවුල් කරන්න එපා
මේක ජාවාරමක් .
මේ අය යනකොට ගිවිසුමක් අත්සන් කළ බව කී වෙනවා නමුත් ඒ ගිවිසුම අපැහැදිලි ගිවිසුමක් .ඔවුන්ට මේ රටට ගෙන්න ගන්න රජයක් විදියට ගන්න පුළුවන් සියලු උත්සාහයන් අපි දරනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments