වැල්ලම්පිටියේ කුඩු රැජින හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩසටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
ඒ අනුව අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ හි ස්ථානාධිපති ප්‍ර.පො.ප. නදීක සිල්වා මෙහෙයවීම ප්‍රකාරව පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) වේල්ල වීදිය හා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් වල නව කැළණි පාලම, සේදවත්ත, වැල්ලම්පිටිය ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරෙයින් ග්‍රෑම් 07 මිලි ග්‍රෑම් 280 ක්, සන්තකයේ තබාගෙන සිටි වැල්ලම්පිටියෙ කුඩු රැජින ලෙස හදුන්වන වයස අවුරුදු 40 ක් වන සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ලෝකන්වත්ත ප්‍රදේශයේදී ඉකුත්(08) කලුහත් කීර්තිසේන ආබෘෘ යන අය වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතියේ ඇසට වැලිගසමින් සිටි තවත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගනී
පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක එම්.ජි.ඒ.ඒ. දිල්හාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27 ) කොස්ගොඩ පොලිස් වසමේ අංක 343/B, අකාඩේගොඩ, මහඉදුරුව ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී (08) වනඅහුංගල්ල පොලිස් වසමේ ලෝකන්වත්ත ප්‍රදේශයේ දී (08 ) කලුහත් කීර්තිසේන ආබෘෘ යන වෙඩි තබා ඝාතනය කිරීමට අදාලව අධාර අනුබල දීමේ වරදට සැකපිට මහඉදුරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක පුද්ගලයකු ජංගම දුරකථන 01ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොරොක්කන් හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
.
වි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි පොලිස් පරීක්ෂක පී.ඩබ්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) මීගමුව පොලිස් වසමේ Shasha Food Courts ආයතනයේ පිටුපස රථගාලේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
එහි දී මොරොක්කන් හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 274 සන්තකයේ තබාගෙන සිටි මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.