22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ශිෂ්‍ය...

විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ශිෂ්‍ය අත්පොත (14)දා සිට අවශ්‍ය අයට බාගත හැකියි-මහාචාර් ය සම්පත් අමරතුංග විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති

කොළඹ වික්‍රමපාල

පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය……….මේ වන විට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ශිෂ්‍ය අත්පොත නිකුත් කරල තිබෙන්නේ දරුවන්ට බාගත කිරීමට අවස්ථාව ලබා දීලා තිබෙන්නේ දාහතරවෙනිදා උදෑසන හයට සිට www.ugc.ac.lk කියන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් තමන්ගේ අයදුම්පත ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කිරීමට අවස්ථාව ලබා දීලා තිබෙනවා
14 වෙනදා උදෑසන හයේ සිට ලබන මාසෙ 05 වෙනිදා දක්වා සති තුනක කාලය දරුවන්ට තමන්ගේ ඇවිදුම්පත යොමු කිරීමට හැකියි .අයදුම් පත යොමු කිරීමේදී මෙවැනි කාලසීමාවක් දීර්ඝ කාලසීමාවක් ලබා දීලා තිබෙන්නේ දරුවන්ට කිසිදු වැරැද්දකින් තොරව ඉතාම කල්පනාකාරීව තමන්ගේ ඇවිදුම් පත යොමු කිරීම සඳහායි අයදුම් පතේ යම්කිසි වරදක් සිදුවුණොත් එය නිවැරදි කිරීමේදී සමහර විට තමන් බලාපොරොත්තු වන විශ්ව විද්‍යාලය තමන් බොල පොරොත්තුවෙන පාඨමාලා පවා නොලැබී යෑමට හැකියාවක් තිබෙනවා 05 වෙනිදායින් අවසන් වන අයදුම්පත් යොමු කිරීමේ කාලය දරුවන්ට ලබා දෙනවා තවත් සති දෙකක කාලයක් යම්කිසි විදිහකින් තමන් පිරවූ අයදුම් පතේ විශ්ව විද්‍යාල අනුපිළිවෙල තමන්ගේ උපාධි පාඨමාලාවන්ගේ අනුපිළිවෙලේ යම්කිසි වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නම් සති දෙකක කාල සීමාව තුළ දරුවන්ට එක් අවස්ථාවකදී නැවතත් තමන්ගේ අයදුම් පතට යොමු වෙලා වෙනස්කම් කිරීමේ අවස්ථාව ලබා දීලා තිබෙනවා . යම්කිසි දරුවෙකුට internet පහසුකම් නොමැති නම් ඒ සඳහා පරිගණකයක් හෝ අදාළ මෙවලමක් නොමැති නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ශිෂ්‍ය අත්පොතේ සඳහන් කරලා තිබෙනවා මධ්‍යස්ථාන ගණනාවක් විවිධ දිස්ත්‍රික්කවල දරුවන්ට එවැනි මධ්‍යස්ථානයකට යෑමෙන් නොමිලේ තමන්ගේ ඇවිදුම් පත පරිගණකය ඔස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කළ හැකියි එහිදී කිසිදු ගෙවීමක් සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ .අයදුම්පත් යොමු කරන පිළිවෙල අන්තර්ජාලය සඳහා සම්පූර්ණ කරපු අයදුම් පත මුද්‍රණයක් ලබාගෙන එය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තැපැල් මගින් එවන මෙන් දරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා .විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී අයදුම්කරුවන්ට සාමාන්‍ය පරිදි අයදුම් කළ හැකි අතර විශේෂ ප්‍රවේශ සඳහා දරුවන්ට අයදුම් කළ හැකියි විශේෂ ප්‍රවේශ යටතේ අයදුම් කිරීමේ අයදුම් පත සාමාන්‍ය ප්‍රවේශය යටතේ අයදුම් කරන ආකාරයටම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා යොමු කළ හැකියි . ආයෙදුම්පත් යොමු කිරීමේදී දරුවන්ට යම්කිසි ගැටලුවක් ඇති වුවහොත් දරුවන්ට පුළුවන් පැය 24 පුරාම 1919 දුරකථන අංකයට ආමන්ත්‍රණය කර තමන්ගේ ගැටලුව විසඳගන්න පුළුවන් .යම්කිසි දරුවෙකුට එහිදී සෑම එකට පත්වීමට නොහැකි නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තොරතුරු මධ්‍යස්ථානයට අමතන්න 0112695301/ 0112695302 අංක වලට තමන්ගේ ගැටලු යොමු කිරීමෙන් එහිදී තමන්ගේ ගැටලුවලට විසඳුම් ලබාගන්න පුළුවන් තමන්ගේ ජීවිතයේ වැදගත්ම දෙයක් වන සරසවි ප්‍රවේශයේදී කිසිදු වරදකින් තොරව මේ අයදුම්පත් යොමු කිරීමට ඒ අනුව දරුවන්ට අවස්ථාව සැලසෙනවා ඒ වගේම youtube හරහා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පට තුනක් රැගෙන විත් තිබෙනවා ඔබගේ ශිෂ්‍ය අත්පොත ඒ යූටියුබ් මගින් භාෂාත්‍රීත්වයෙන්ම පැහැදිලි කිරීමක් කරනවා ඔබට තවත් පහසු කිරීමක් සඳහා ඔබගේ අයදුම්පත ඉතා පහසුවෙන් තේරුම් ගන්න කියවීමට අමතරව ඒ වීඩියෝ පට නැරඹීමෙන් ප්‍රශ්න විසඳා ගන්න පුළුවන් මේ තොරතුරු මධ්‍යස්ථාන ආමන්ත්‍රණය කිරීමට ප්‍රථමව ඔබට යම්කිසි ගැටළුවක් ඇත්නම් මේ වීඩියෝ පට නරඹන්න කියලා දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා .
ඇත්ත වශයෙන්ම කොවිඩ් වසංගතය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් දරුවෝ අද ඉගෙන ගන්නේ අන්තර්ජාලය ඔස්සේ මේ දැවැන්ත වැඩ වර්ජනයක් තියෙන අවස්ථාවකදී වුවත් දවරුවන්ගේ අධ්‍යාපන කටයුතු විශ්ව විද්‍යාල පද්ධතිය හැකි උපරිමයෙන් කරගෙන යනවා ඊට අමතරව මේ පොත මුද්‍රණය කරලා තමන්ගෙම ගේ ගාව පොත් කඩේට දෙන්න බැරි වුණාට ගෙදර ඇතුළෙ ඉඳගෙනම බාගත කරගන්න පුළුවන් විදිහට දරුවන්ට ඒ පහසුකම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලබාදී තිබෙනවා අයදුම් පති යොමු කිරීමත් ප්‍රශ්න රාශියක් මධ්‍යයේ දරුවන්ට ඒ ප්‍රශ්න විස විතැන් කරන්නැතුව මේ තිබෙන වැඩ වර්ජන වාතාවරණයක් එක්කම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉන් පිටත ආයතන සමග අත්වැල් බැඳගෙන මේ කටයුතු සිදු කරනවා ශ්‍රම සම්පතේ දැවැන්ත හිඟයක් තිබුණත් .දරුවන්ට ලොකු පහසුවක් තමයි මේ තත්ත්වයෙන් ඇතිවෙලා තිබෙන්නේ අපේ පරම්පරාවට වඩා දරුවෝ මේ තාක්ෂණයට මුසු වෙලා ඉවරයි දරුවො ඉගෙන ගන්නෙත් පරිගණකය ඔස්සේ තාක්ෂණය ඔස්සේ දරුවන්ට තිබෙන හැකියාවන් කොතරම්ද කිව්වොත් දුරකථනය ඔස්සේ පවා ඔවුන් දේශනවලට සහභාගි වෙනවා මේ තමන්ගේ දුරකථනයෙන් වුණත් යොමු කරන්න පුළුවන් අයදුම් පතක් බවට මේක පත්වෙලා තිබෙනවා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments