දේශීය කලාවන් සඳහා පැවැති විශාල අඩුවක්වූ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසා ස්ව උත්සහයෙන් කලා ලෝකයට පිවිසි දැඩි වෙහෙස මහන්සියෙන් කලා කටයුතු සිය නිර්මාණයන් කරගෙන කලාකරුවන් සිටින අප රටේ කලාකරුවන්ගේ වෘත්තීය සුරක්ෂිත බව රැක ගන්න නිර්මාණ ශක්තිය ඔප නංවා ගැනීමට කිසිදු සරණක් නැති මෙරට කලාවන්ට හා කලා ශිල්පීන්ට එක්ව නැගී සිටින්නට අවශ්‍ය මෙම සුවිශාල අඩුපාඩුව පිළිබඳ විවිධ කාලවකවනුවල කලා කරුවන් විද්වතුන් කරුණු මතු කළත් ඒවා ස්ථාපනය කොට ක්‍රියාත්මක කර ගැනීමට මේවන විටත් නොහැකිවි තිබේ.
ඒ අනුව ඉන්දික විජේරත්න මහතාගේ සභාපතිත්වයෙන් පිහිටුවා ගෙන තිබෙන ජාතික සරසවි පෙරමුණ මහචාර්ය මුදියන්සේ දිසානායකයන්ගේ ලේකම් ධූරයෙන්ද ශක්තිමත්වී තිබේ. මහචාර්ය ටියුඩර් වීරසිංහ , ආචාර්ය එන්. රත්නාවලී වැනි විද්වතුන්ද , ක්ලීටස් මෙන්ඩිස්, සරත් දික්කුඹුර, කුමරි මුණසිංහ,චන්ද්‍රන් රත්නම්, ප්‍රීතිරාජ් වීරරත්න, ගාමිණි ඔබිනාමුණි, උදයන්ති කුලතුංග , මහෙෂ් ජයසිංහ වැනි කලාකරුවන්
මාධ්‍ය වේදීන් ඇතුළු තවත් පිරිසක් මේ කාර්ය පණ ගැන්වීම සඳහා එක්ව කටයුතු සංවිධානය කරමින් සිටිති.
මේ සම්බන්ධ ආරම්භක අවස්ථාවක් ඉකුත් (19) පානදුර වයිට් එවන් හෝටල් පරිශ්‍රයේදී සිදුකෙරුණු අතර මෙහිදි පැමිණ සිටි විද්වතුන් කලාකරුවන් රැසක් සිය අදහස් දැක්වූහ.
ඒ සියලු දෙනාගේම අදහස වූයේ අපේ රටේ සෑම ක්ෂේත්‍රයකටම ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා රට අද මුහුණ දෙන අසීරු තත්ත්වයට පත්ව ඇති බවය. එනමුදු මෙරට සූසැට කලාවන් සඳහා ජාතික ප්‍රතිපත්තිය සකස් කර ගැනීමේ සුවිශේෂි අවශ්‍යතාවයද පෙන්වාදුන්හ. කලාව යනු ජාතියේ ජීවනාලිය බව කිව යුතු අතර මේ සාමුහික ප්‍රයත්නය අප්‍රති හත ධෛර්යකින් යුතුව කළ යුතු දෙයක් බව සියලු දෙනා දන්නා කරුණක් වුවත් පානදුරේදී තැබු මේ මූලාරම්භය කාගෙත් ඇගයීමට ලක්වෙනවා නොඅනුමානය. එය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදීම මේ රටේ සෑම බලධාරියකුගේම හා පුරවැසියකුගේම වගකීමක් යුතුකමක් බව මේ අවස්ථාවට පැමිණි විද්වතුන් හා කලාකරුවන් අවධාරණය කළහ.






සටහන- අනුර ප්‍රේමලාල් , ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු