29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsසමන් කොල්ලා යන අයගේ මත් ජාලය මෙහෙයවු ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

සමන් කොල්ලා යන අයගේ මත් ජාලය මෙහෙයවු ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන් කොල්ලා යන අයගේ මත් ජාලය මෙහෙයවු ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය රත්ගම කදවුරු බල ප්‍රදේශයේ ස්ථාපිත කුලීගොඩ උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් රත්ගම උප කඳවුරේ සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ පොලිස් සැරයන් 71276 සමරකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා පොලිස් ක්‍ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන් සමග ඒකාබද්දව (28) අම්බලන්ගොඩ පොලිස් වසමේ වේනමුල්ල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී හෙරොයින් ග්‍රෑම් 11, මිලි ග්‍රෑම් 880 ක් ජංගම දුරකතනයක් හා බැංකු කාඩ්පතක් සන්තකයේ තබාගෙන සිටි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත නොහොත් සමන් කොල්ලා යන අයගේ මත්ද්‍ර‍‍ව්‍ය ජාලයේ ප්‍ර‍ධාන පෙළේ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments