විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සිදුවි ඇත.
මහනුවර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය කෑගල්ල කඳවුරේ උප පොලිස් පරික්ෂක එස්.පි.ආර්.එම්. අනුරුද්ධ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02 ) රඹුක්කන පොලිස් වසමේ රඹුක්කන රෝහල මාර්ගයේ මුස්ලිම් පල්ලිය අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී PREGABALIN CAPSULES 150mg (GABIN 150) වර්ගයේ නීති විරෝධී මත් කරල් 12ක් සන්තකයේ තබාගෙන සිටි ඊරියගොල්ල, රඹුක්කන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රඹුක්කන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ලක්ෂ හතරක් පමණ වටිනාකමක් ඇති කේරළ ගංජා සමඟ ජාවාරම්කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවසහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් හා මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.පි. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) කඳාන පොලිස් වසමේ කදාන දුම්රියපල අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සදහා ලක්ෂ හතරක් පමණ වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ 01, ග්‍රෑම් 14 ක් සන්තකයේ තබාගෙන සිටි මහර නුගේගොඩ, රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කදාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
දිගුකලෙක පටන් හෙරෝයින් ජාවාරම් කල කාන්තාවන් දෙදෙනෙක් යාපනය ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක එච්.ඩි.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) යාපනය පොලිස් වසමේ අරාළි විදිය පස්වන හරස්පාර ඔට්ටමඩමි යාපනය ලිපිනයේ දී සහ කෝපායි පොලිස් වසමේ අංක 112 යමුනාවිදි නල්ලුර් යන ලිපිනයේ දී වැටලීම් දෙකක් සිදුකර ඇත.
එහි දී හෙරෝයින් ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 490 ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි අරාළි විදිය පස්වන හරස්පාර ඔට්ටමඩමි, යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක් වන කාන්තාවක් සහ හෙරෝයින් ග්‍රෑම් 01 මිලි ග්‍රෑම් 270 ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි යමුනාවිදි, නල්ලුර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය සහ කෝපායි පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.
මෙම කාන්තාවන් දෙදෙනා මෙසේ දිගු කලෙක පටන් හෙරෝයින් ජාවාරමෙි යෙදී ඇත.