කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද සමස්ත දිවයිනේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල්වලට පැමිණීමේ ප්‍රතිශතය සියයට පනස් දෙකක් බවට පත්වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව ප්‍රදේශයේ පමණක් පාසල්වලට දරුවන් පැමිණීම සියයට අනූහයක් වැනි ඉතා ඉහළ ප්‍රතිශතයක් ගෙන ඇති බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය. දිවයින පුරා පාසල්වල සමස්ත ගුරුවරුන්ගේ පැමිණීමද සියයට හැත්තෑහතක් වැනි ඉහළ ප්‍රතිශතයක තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඇමැතිවරයා මෙසේ කීවේ ඊයේ (14 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
මෙහිදී අදහස් දක්වා සිටි හෙතෙම පැවැසුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ පාසල්වල දරුවන් පැමිණීමේ ප්‍රතිශතය සියයට හැත්තෑවක් බවත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ සියයට හැත්තෑ හතක්, පස්සර ප්‍රදේශයේ සියයට අනූ දෙකක ඉහළ ප්‍රතිශතයකින් දරුවන් පාසලට පැමිණි බවත්ය.
එමෙන්ම දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සියයට හැත්තෑපහක්, මහඔය ප්‍රදේශයේ සියයට හැත්තෑනවයක් සහ මුතූර් ප්‍රදේශයේ සියයට හැටනවයක ඉහළ ප්‍රතිශතයකින් දරුවන් පාසල්වලට පැමිණ ඇති බවද ඔහු කියා සිටියේය. දේශපාලන අරමුණුවලින් තොරව දරුවන්ගේ අනාගත සුබසිද්ධිය උදෙසා රජය ක්‍රියාත්මක කරගෙන යන වැඩපිළිවෙළට සියලුදෙනා පක්ෂ භේදයකින් තොරව දායක වන ලෙසටද ඇමැතිවරයා ඉල්ලීමක් කළේය.
වත්මන් රජය දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන බවත්, එළැඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සහභාගි වන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් තෙහෙම කීය.
ඇමැතිවරයා අවධාරණය කළේ විභාග මධ්‍යස්ථාන 5100ක් මේ සඳහා අවශ්‍ය බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය සමග පැවැත් වූ සාකච්ඡාවකින් පසු උණ පරීක්ෂා කිරීමේ උපකරණ තොගයක් මෙම මාසය අවසන් වීමට පෙර ලංකාවට ලබාදෙන බවත්ය. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වා සිටි වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන පැවැසුවේ, යහපාලන රජය රටට අහිමි කළ බොහෝ දෑ වත්මන් රජයෙන් නැවත ජනතාවට ලබාදිය යුතු බවය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.
‘‘පළාත් සභා මැතිවරණය මේ රටට අහිමි කළේ යහපාලන ආණ්ඩුව. මේ මැතිවරණය විතරයි නැතිවුණේ. දහතුන් වන සංශෝධනයේ ලැබුණු ආයතන ටික තාම තියනවා. නමුත් අපිට නැතිවුණේ මැතිවරණය. රටේ අවශ්‍යතාවයත් මේ මැතිවරණය. කොරෝනා වසංගත තත්ත්වය තිබුණත් අපි මැතිවරණය පවත්වන්න අවශ්‍යයි. මේ වනවිට පළාත් සභාවලට මුදල් වෙන්වෙනවා. නමුත් ඒ මුදල්වලින් ඒ පළාත් සභාවලට වැඩ කරන්න මහජන නියෝජිතයන් නැහැ.
මේ මැතිවරණය නතර කිරීම කළ නිසා අපේ රටට ලැබුණු දෙයක් නැහැ. තිබුණ පළාත් සභාත් අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. වැඩ කරන්න කෙනෙක් නැහැ. ග්‍රාමීය ජනතාව වෙනුවෙන් යමක් කරන්න නම් මේ රටට පළාත් සභා අවශ්‍යයි. අපි ඒ පිළිබඳව ඉදිරියේදී අවධානය යොමු කරනවා ඉතා ඉක්මනින් මේ මැතිවරණය තියන්න.